Tuesday, October 27, 2026
spot_img
Home Blog Page 2

ASIA CUP – තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාව සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

0

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පැවැති අවසන් තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 2ක තියුණු ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් සිව්දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට අද ( 5 වැනිදා ) සමත් විය. මෙම තරගය පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ඇෆ්ගනිස්තානයට අවසන් සිව්දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට නම්, තරගය ජයග්‍රහණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවූ අතර එම ලබා ගන්නා ජයග්‍රහණය පන්දුවාර 37.1 කදී  හඹාගොස් සම්පූර්ණ කිරීමටද සිදුවිය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 291ක් රැස්කරමින් ලකුණු 292ක ඉලක්කයක් ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ගේ කරමත පැටවීමට කටයුතු කළහ.

කෙසේ නමුත් ඇෆ්ගනිස්තාන පිතිකරුවන් එය ආරම්භයේ සිට හඹාගොස් ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කරන්නට කටයුතු කළේ විටෙක ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියෙන් එළියට විසිවන දෙවැනි කණ්ඩායම බව ඉගි පළකරමිනි. කෙසේ නමුත් එකී ග්‍රහණයෙන් ශ්‍රී ලංකාව ගලවාගත් මහේෂ් තීක්ෂණ පන්දු 32කින් ලකුණු 65ක් ලබා සිටි මොහොමඩ් නබී පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළේ ධනංජයද සිල්වා රැකගත් විශිෂ්ට උඩපන්දුව සමගිනි. ඒ වනවනවිටත් මොහාමඩ් නබී පිටිය සිසාර ශ්‍රී ලංකා පන්දු යවන්නන්නට පහර පිට පහර එල්ල කරමින් සිටියේය. ඔහු දැවී යනවිට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ  පහර 6ක් සිය ඉනිමට එකතු කරගෙන තිබුණි. ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි කරීම් ජනට් හයේ පහර 2ක් එල්ල කරමින් තරගයේ ග්‍රහණය තමන්ගේ යටතට ගැනීමට උත්සාහ කළේය. ඒ වනවිටත් ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ශහීදි ද පිටියේ ස්ථාවර පිතිකරුවෙකු ලෙස විශ්වාසවන්තව පන්දුවට පහර දෙමින් සිටියේය. නමුත් ශ්‍රනිකයෙන් ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ 32 වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කරීම් ජනට් දවා ගැනීමට කටයුතු කළේය. එම දැවී යාමත් සමග ඇෆ්ගනිස්තානයේ 6වැනි කඩුල්ලද බිද වැටුණි. එම පන්දුවාරයේදී ම නැවතත් ක්‍රියාත්මක වූ වෙල්ලාලගේ ඇෆග්නිස්තාන නායකය පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළේ ලකුණු 59ක් ලබා සිටියදීය. ඔහු පිටියෙන් ඉවත් වනවිට පන්දු 66කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් එල්ල කර තිබුණි.

නැවතත් තරගය ඇෆ්ගනිස්තානය වෙතට හරවාගත් නජිමුල්ලා සද්රන් සහ රශිඩ් ඛාන් කසුන් රාජිත යැවූ පන්දුවාරයට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් පන්දු සහ ලකුණු අතර පරතරය අඩු කිරීමට කටයුතු කළේය. නමුත් එම පන්දුවාරයේදීම කසුන් රාජිතගේ පන්දුවකට යළිත් හයේ පහරක් එල්ල කිරීමට නජිමුල්ලා සද්රන් උත්සාහ කළද, එය උඩ පන්දුවක් බවට පරිවර්තනය වීම නිසා ඩීප් බැක්වර්ඩ් ස්කෙයාර් ලෙග් කළාපයේ රැදී සිටි දුශාන් හේමන්ත දක්ෂ ලෙස රැක ගැනීමට කටයුතු කළේ ඇෆ්ගනිස්තාන ඉනිමේ 8 වැනි කඩුල්ලද බිද දමමිනි.

යළිත් 37 වැනි පන්දුවාරය යැවීමට දුනිත් වෙල්ලාලගේ කැදවීමට දසුන් ශානකට සිදු වූයේ ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවනන්නන් දෙදෙනාගේම පන්දුවාර 10 අවසන් වී තිබූ මොහොතකය. තවමත් 20වන වියේ පසුවන වෙල්ලාලගේ දැඩි පීඩනය මතින් මුල් පන්දු දෙකම නිලකුණු පන්දු දෙකක් බවට පරිවර්තනය කළද, සෙසු පන්දු 4න් 3කටම රශිඩ් ඛාන් හතරේ පහර 3ක් එල්ල කරමින් තරගයේ ග්‍රහණය යළිත් ඇෆ්ගනිස්තානය වෙත හරවා ගත්තේය. ඒ අනුව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්තානයට ඒ වනවිට තවත් අවශ්‍යය වූයේ එක් පන්දුවකින් ලකුණු 3ක් පමණි.

තීරණාත්මක පන්දුවාරය යැවීමට ධනංජයද සිල්වා කැදවීමට දසුන් ශානක තීරණය කළ අතර ඒ අනුව ඔහු යැවූ පළමු පන්දුවෙන්ම මුජීබ් රහ්මාන් දවා ගනිමින් ශ්‍රී ලංකාවට අවසන් සිව්දෙනාගේ තරග වටයට යාමට පාර කපා දුන්නේය. එහෙත් තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්තානය අවසන් මොහොත දක්වා අවස්ථාව පැවැතියද, ෆසල්හක් ෆරෑකිගේ කඩුල්ලද දවාගත් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මොහොතේ ලකුණු 2ක තියුණු ජයක් ද  හිමිකර දුන්නේය. ඒ් වනවිටත් අනෙත් අන්තයේ රැදී සිටි රශිඩ් ඛාන් පන්දු 16කදී නොදැවී ලකුණු 27ක් ලබා සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 4ක් ලබා ගනිමිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩාය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 291ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 84කදී ලකුණු 92කට දැවී ගියේ සිය එක්දින ක්‍රිකට් පිටියේ තෙවැනි ශතකය පෙපෙන මානයේ තිබියදීය. ඔහු පිටියෙන් ඉවත්වන විට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සිය ඉනිමට එක්කරගෙන තිබුණි. ශ්‍රී ලංකා ඉනිමේ සෙසු පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක ( ලකුණු 41 ), චරිත් අසලංක ( ලකුණු 36 ), දුනිත් වෙල්ලාලගේ ( නොදැවී ලකුණු 33 ) , සහ දිමුත් කරුණාරත්න ලකුණු 32 බැගින් ලබා ගත්හ.

පන්දු යැවීමේදී ගුල්බදීන් නයිබ් ලකුණු 60කට කඩුලු 4ක් සහ රශීඩ් ඛාන් ලකුණු 63කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

ඡායාරූප – ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියෙනි

ASIA CUP – ඉන්දියාව කඩුලු 10ක ජයත් සමගින් සුපිරි 4 දෙනාගේ වටයට

0

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාලයට එරෙහිව පැවති තීරණාත්මක තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 10ක පහසු ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම මෙවර තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබිමට අද ( 4 වැනිදා ) සමත් විය. මෙම තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පන්දුවාර 50 තරගයක් ලෙස මෙය පැවැත්වීමට නියමිතව තිබුනද, තරගයේ දෙවැනි ඉනිමට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග ඉන්දීය කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 23කදී හිමි වූ ඉලක්කය ලකුණු 145කි. එය පහසුවෙන් හඹාගිය ඉන්දීය නායක රොහිත් ෂර්මා ( නොදැවී ලකුණු 74 ) සහ ශුබ්මන් ගිල් ( නොදැවී ලකුණු 67 ) රැස් කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ තවත් පන්දු 17ක් ඉතිරිව තිබියදීය. ඒ අනුව සිය මංගල ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩාකළ නේපාල කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූයේ ඔවුන් සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වෙමිනි.

කාසිය වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායක රොහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට නේපාල කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව නේපාල කණ්ඩායමට පන්දුවාර 48.2කදී සියලුදෙනා දැවී ලබාගතහැකි වූයේ ලකුණු 230ක් පමණි.

නේපාලය වෙනුවෙන් අසීෆ් ෂෙයික් පන්දු 97කින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 58ක් රැස් කරද්දී, සොම්පල් කමී පන්දු 56කින් හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 48ක් රැස් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී රවින්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් සිරාජ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ.

ASIA CUP – අවධානම එක්ක පිටියට එන ශ්‍රී ලංකාවට සහ ඇෆ්ගනිස්තානයට හෙට (5) මොනවා වෙයිද? 

0

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම  අතර පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගය හෙට ( 5 වැනිදා ) පාකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වේ.

මේ වන විට බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලා‌දේශ කණ්ඩායම එක් තරගය බැගින් ජයග්‍රහණය කර ඇති මුත් ඇෆ්ගනිස්තානය කිසිදු ජයක් ලබා නොමැත. ඒ අනුව මේ වනවිට සුපිරි 4 දෙනාගේ වටයට ගමන් කිරීමේ දැඩී බලපෑම එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමටයි. නමුත් එහි බලපෑම ශ්‍රී ලංකාව වෙතටද යොමුව ඇත්තේ මේ වනවටි බංග්ලාදේශ කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සිදුසුකම් ලබා ඇති බැවිනි. ඒ තරග දෙකක් අවසානයේ බංග්ලාදේශය ලබා ඇති දළ ලකුණු වේගය නිසාවෙනි. මේ වනවිට ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා දළ ලකුණු වේගය වැඩියෙන් පැවැතියද, හෙට තරගයේ තීරණය මත ශ්‍රී ලංකාවේ අගය අනිවාර්යෙන්ම වෙනස්වනු ඇත.  

හෙට පැවැත්වෙන ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ශ්‍රී ලංකාව ජයගතහොත්, බංග්ලාදේශය සමගින් ශ්‍රී ලංකාවට පහසුවෙන්ම අවසන් 4 දෙනාගේ වටයට ගමන් කිරීමට හැකියාව පවති.  මෙම තරගය ඇෆ්ගනිස්තානය ජය ගැනිම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඔවුන් ශ්‍රී ලංකාව වැඩි ලකුණු පරතරයකින් ( අවම ලකුණු 70කින් ) හෝ අඩු පන්දුවාර ගණනකින් ( පන්දුවාර 36 ) හඹාගොස් පරාජය කළ යුතුය.  එසේ වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව එසේ පරාජය වුවහොත් දැනට පවතින බංග්ලාදේශ ශුද්ධ ලකුණු වේගයටත් වඩා ශ්‍රී ලංකාවේ දල ලකුණු වේගය පහළ යනු ඇත. එසේ වන්නේ නම් බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අවසන් 4ට ගමන් කරනු ඇත.

උදාහරණයක් ලෙස, ඇෆ්ගනිස්තානයට අවසන් 4ට සුදුසුකම් ලැබීමට නම්,  

ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 300 ක් ලබාගතහොත්, ඇෆ්ගනිස්තානය එම කඩයිම පන්දුවාර 36කින් හඹා යා යුතුය.

ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 300 ක් ලබාගතහොත් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 230කට සීමාකළ යුතුය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේ තීරණය මත බංග්ලාදේශ කණ්ඩායම තුන්වන ස්ථානය තෙක් පහළ නොබසින අතර ශ්‍රී ලංකාවට හෝ ඇෆ්ගනිස්තානයට එම ස්ථානයට පහළ බැසීමට සිදුවනු ඇත.

හෙට තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 3.00ට ආරම්භ වීමට නියමිතය.

ASIA CUP – සුපිරි 4 දෙනාගේ වටයේ තරග කොළඹින් පිටතට ගෙනයාමේ සූදානමක්

0

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනා‌ගේ වටයේ පළමු තරගය මේ මස 6 වැනිදා පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර, සෙසු තරග සියල්ල මේ මස 9 වැනිදා සිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් යොදා තිබුණි.

නමුත් ලංකාවේ මේ දිනවල පවතින අයහපත් කාළගුණය ත්ත්ත්වය හේතුවෙන් ඉදිරි තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට හැකියාවක් පවතීද යන්න මේ වනවිට ගැටලු සහගතය. මේ හේතුවෙන් සෙසු තරග සියල්ල පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීම හෝ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සාකච්ඡා අරඹා  ඇති මුත් ඒ අතරට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සෙසු තරග පැවැත්විමටද තරග සංවිධායකයෝ සාකච්ඡා කරමින් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරයි.

නමුත් මේ සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත තවමත් නිශ්චිතව දන්වා නොමැත.

වර්ෂාව හේතුවෙන් ඉන්දීය – පාකිස්තාන තරගයද අතහැර දැමීමට තරග සංවිධායකයෝ තීරණය කළ අතර අද ( 4 වැනිදා ) ඉන්දීය නේපාල තරගයටද වර්ෂාවෙන් බාධා ඇතිවිය හැකිවිය බව කාළගුණ අනාවැකි පළකර තිබේ.

ASIA CUP – ඇෆ්ගනිස්තානය බංග්ලාදේශයට පරදී – බංග්ලාදේශය දෙවැනි තැනට

0

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ලෙස පැවති බංග්ලාදේශ සහ  ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් ලකුණු 89ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම අද ( 4 වැනිදා ) සමත්විය. මෙම තරගය පාකිස්තානයේ ලා‌හෝර් හිදී පැවති අතර මෙම ජයග්‍රහණයත් සමගින් බංග්ලාදේශයට සුපිරි 4 දෙනාගේ වටය ගැන බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවටි පෙරමුණ ගෙන ඇති අතර බංග්ලාදේශය එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි. කණ්ඩායම් දෙකම තරග 1 බැගින් ජයගෙන සිටියද, දල ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් පසු වීම මෙයට හේතුවයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ශ්‍රී ලංකාව ජයගතහොත්, ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශය සුපිරි 4 දෙනාගේ වටයට සුදුසකම් ලබනු ලැබේ. නමුත් එම තරගයෙන් ඇෆ්ගනිස්තිනය ජය ගතහොත් කණ්ඩායම් ත්‍රිත්වයම එක් තරගය බැගින් ජය ගෙන ඇති බැවින් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක බී කාණ්ඩයෙන් සුපිරි 4 දෙනාගේ වයටය සුසුකම් ලබනු ලැබේ. නමුත් මේ වනවිට මෙහි දැඩි පීඩනය එල්ල ඇත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමටය. ඒ ශ්‍රී ලංකාවට එ‌‌රෙහි තරගය ඔවුන් වැඩි ලකුණු පරතරයකින් හෝ අඩු පන්දුවාර ගණනකින් ජයගත යුතුව ඇති බැවිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 335ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 44.3කදී සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 245ක් පමණි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඉබ්‍රහිම් සද්රම් පන්දු 74කදී හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 75ක් රැස් කරද්දී, නායක හෂ්මතුල්ලා ෂහිදී පන්දු 60කින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඩ් ලකුණු 44කට කඩුලු 4ක් සහ ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 36කට කඩුලු 3ක් බිද හෙලූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 334ක් රැස් කිරීමට සමත් විය.

බංග්ලාදේශ ඉනිමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි මෙහිදි හසන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 119කදී ලකුණු 112ක් රැස් කිරීමට සමත් වූයේ සිය එක්දින ක්‍රිකට් පිටියේ දෙවැනි ශතකය තමන්ගේ නම ඉදිරියේ ලියා ගනිමිනි. ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ  පහර 7කින් වර්ණවත් විය.

ඔහුට නොදැවිනි ඉනිමක් ක්‍රීඩා කරමින් බංග්ලාදේශ ඉනිම ගොඩ නැගූ නජ්මුල් ශන්ටෝද සිය එක්දින ක්‍රිකට් පිටියේ දෙවැනි ශතකය ලබා ගනිමින් පන්දු 105කදී ලකුණු 104ක් රැස් කිරීමට සමත් විය. ඔහු දැවී යනවිට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සිය ඉනිමට ඒකතුකර ගෙන තිබුණි. පන්දු 18කදී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 32ක් ලබාගත් නායක ශකීබ් අල් හසන් බංග්ලාදේශ ලකුණු පුවරුව 300 සීමාවෙන් එපිටතට ගෙන යාමට කටයුතු කළේය.

පන්දු යැවීමේදී මුජීබ් රහ්මාන් සහ ගුල්බදීන් නයිබ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

මුරලි – 800 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය 6 වැනිදා කරළියට

0

මුත්තයියා මුරලිදරන් ගේ චරිතාපදානය ඇසු‌රෙන් නිර්මාණය වන  800 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවය මේ මස 6 වැනිදා ( අඟහරුවාදා ) මුම්බායිහිදී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා සහභාගී වන ලෙස ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට ආරාධනා කර ඇති අතර, ශ්‍රී ලංකා හිටපු  විශිෂ්ට පිතිකරු සනත් ජයසූරියද  මෙම උත්සවය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමට නියමිත බව ආරංචි වේ.

චිත්‍රපටයේ රූගත කිරීම් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ සිදු වූ අතර  මුරලිගේ සහ ඔහුගේ බිරිඳගේ චරිත නිරූපණය කරන්නේ මධුර් මිට්ටල් සහ මහිම නම්බියාර් විසිනි.

සිම්බාබ්වේ විශිෂ්ටයා ජීවිත ගමනට සමුදෙයි

සිම්බාබ්වේ හිටපු නායකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන හීත් ස්ට්‍රික් අභාවප්‍රාප්ත වී තිබේ. මෙම වසර මුලදී ඔහු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බව අණාවරණය වූ අතර මිය යනවිට 49 වියේ පසුවිය.

ඔහුගේ බිරිද විසින් මුහුණු පොතට සටහනක් එක් කරමින් මේ බව තහවරු කර තිබේ.

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 65කට සහ එක්දින තරග 189කට ක්‍රීඩාකර ඇති හීත් ස්ට්‍රික් එහිදි ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 455කි. සිම්බාබ්වේ වෙනුවෙන් කඩුලු 100ක් දවාගත් පළමු පන්දු යවන්නා වනුයේද ඔහුය.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද විශිෂ්ට දස්කම් දැක්වූ ස්ට්‍ර්ක් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 4932කි. එයට ශතකයක් සහ අර්ධ ශතක 25ක් ඇතුළත් වේ.  

ASIA CUP – ඉන්දීය – පාකිස්තාන තරගය වර්ෂාවට සේදෙයි – පාකිස්තානය සුපිරි 4ට

0

කාගේත් අවධානය යොමුව තිබූ ඉන්දීය – පාකිස්තාන ආසියානු කුසලාන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග තීරකයෝ තීරණය කළ අතර, ඒ අනුව කන්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු බැගින් හිමිවිය. ඒ අනුව සුපිරි සිව් දෙනාගේ තරග වටයේ  පළමුවෙන්ම සිය ආසානය වෙන්කරවා ගැනීමට පාකිස්තානයට හැකි විය. තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද ( 2 වැනිදා ) පැවැත්විණ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 48.5කදී සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 266ක් පමණි.

ඉන්දීය ඉනිමේ ආරම්භක පෙළ ශ්‍රනිකව නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ ශහීන් ෂා අෆ්රිඩී සහ හරිස් රවුෆ් පහසුවෙන් තරගය පාකිස්තානය වෙත හරවා ගැනීමට සමත් වූහ. ඒ ඉන්දීය නායක රොහිත් ෂර්මා  ( ලකුණ 11 ), විරාත් කෝලි ( ලකුණු 4 ), ශ්‍රියාර් අයියර් ( ලකුණු 14 ) සහ ශුබ්මන් ගිල් ( ලකුණු 10 )කට සීමා කරමිනි.

කඩා වැටුණු ඉන්දිය ඉනිම නැවත ගොඩ නැගූ ඉෂාන් කිෂාන් සහ හර්දික් පාණ්ඩයා පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් තරගකාරී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට කටයුතු කළහ. රවුෆ්ගේ පන්දුවක් හමුවේ බාබර් අසාම්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඉෂාන් කිෂාන් දැවී යනවිට පන්දු 81කදී ලකුණු 82ක් ලබා සිටි අතර  එයට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ඇතුලත් විය. ඔහුට නොදැවිනි ඉනිමක් ක්‍රීඩාකළ හර්දික් පාණ්ඩයා පන්දු 90කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 87ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ශහීන් අෆ්රීඩි ලකුණු 35කට කඩුලු 4ක් බිද දමද්දී, නසීම් ශා සහ හරිස් රවුෆ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ලකුණු 267ක ඉලක්කයක් හිමි වුවත්, වර්ෂාවෙන් තරගයට බාධා පැමිණිමත් සමග දෙවැනි ඉනිමේ එකදු පන්දුවාරයක්වත් යොමු කිරීමට අවස්ථාවක් හිමි නොවූහ. මේ හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරමින් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් ලබා දීමට තරග තීරකයෝ තීරණය කළහ. ඒ අනුව මේ වනවිට ප්‍රසාද ලකුණු 3ක් ලබා සිටින පාකිස්තාන කණ්ඩායම ඒ් කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

එංගලන්තය පැරදූ ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 8ක විශිෂ්ට ජයක්

සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම කිරීමට අද ( 2 වැනිදා ) සමත් විය.  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එංගලන්ත කණ්ඩායම විස්සයි 20 තරග රටාව තුළ පරාජයට පත්කළ පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 105ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 13.2කදී කඩුලු 2ක් පමණක් දැවී සිය කඩයිම් පහසුවෙන් පසු කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ නායිකා චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 55ක් රැස් කිරීමට සමත් වූවාය.

ඇයගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම සමගින් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 31ක සබඳතාවයත් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. ජයග්‍රාහී ලකුණ ලකුණු 6කින් අවසන් කළ හර්ෂිතා සමරවික්‍රම පන්දු 35කදී ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වූවාය. ඇය සමගින් අනෙත් අන්තයේ රැදී සිටි විශ්මි ගුණරත්න පන්දු 15කදී අලංකාරවත් හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වූවාය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත ක්‍රීඩිකාවන්ට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18 කදී සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි.

එංගලන්ත ඉනිමේ චාලී ඩීන් ( ලකුණු 34 ) හැරෙන්නට වෙනත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු අතරට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝදනී, ඉනෝෂි ප්‍රියදර්ශනී, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරී අතරේ කඩුලු 2 බැගින් බෙදී ගිය අතර චමරි අතපත්තු සහ සුගන්ධිකා කුමාරි අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

දෙරට අතර තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගය මේ මස 6 වැනිදා පැවැත්වේ.

ASIA CUP – බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

මතීෂ පතිරණගේ විශිෂ්ට පන්දු යැවීමත් සදීර සමරවික්‍රමගේ සහ චරිත් අසලංකගේ ඉවසිලවන්ත පිතිහරඹයත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 31 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 165ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39 කදී කඩුලු 5 පමණක් දැවී සිය කඩයිම පසුකර ගියේය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 15ක් තුළ නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් තරගයේ ග්‍රහණය තමන්ගේ යටතට ගැනීමට  බංග්ලාදේශ පන්දු යවන්නෝ උත්සාහ කළද එයට සදීර සමරවික්‍රමගෙන් සහ චරිත් අසලංකගෙන් අවස්ථාවක් හිමි නොවූහ. සිව්වන පිතිකරුවා ලෙස පිටියට පිවිස සදීර සමරවික්‍රම පන්දු 77කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 54ක් ලබා ගැනිමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තෙක් පිටි‌යේ රැදී සිටි චරිත් අසලංක පන්දු 92කින් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වූයේ සිය 8වන එක්දින අර්ධ ශතකය ලබා ගනිමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ලැබූ මෙම ජයග්‍රහණයත් සමගින් එක්දින පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලැබූ 11 වන ජය ලෙස ඉතිහාසයට එක්විය.

කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42.4කදී  සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 164ක් පමණි.

බංග්ලාදේශය වෙනුවෙන් නජ්මුල් හොසේන් ශැන්ටෝ ( ලකුණු 89 ) හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාවත් පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ. ශතකය පෙනෙන මානයේ තිබියදී මහීෂ් තීක්ෂණ යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් සිය ඉනිම ලකුණු 89කින් අවසන් කිරීමට ශැන්ටෝට සිදුවිය. පන්දු 122කින් ගොඩ නැගූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය. බංග්ලාදේශ ඉනිමේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10ට වඩා අඩුවෙන් දැවීයාම ඔවුන්ගේ පරාජයට ප්‍රධාන හේතුව විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ පන්දුවාර 7.4කදී ලකුණු 32කට කඩුලු 4ක් බිද හෙලමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට පාරකපා දුන්නේ තරගයේ වීරයා සම්මානයද දිනා ගනිමිි. ඔහුට අනගි සහයක් ලබාදුන් මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2ක් සහ ධනංජය ද සිල්වා , දසුන් ශානක සහ දුනිත් වෙල්ලාලගේ අතරේ කඩුල්ල  බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීලග තරගය එළඹෙන 5 වැනිදා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ලා‌හෝර් හිදි පැවැත්වේ.