“ඒක වුණේ අමුතු විදිහට.ඒ කාලෙ කළු තමයි අපේ කඩුලු රකින්නා.එයා බැට් කලේ පසුපෙළ පිතිකරුවෙක් විදිහට.ඒ කාලෙ එයාගෙ කඩුලු රැකීම එතරම් හොඳ නෑ.හැම තරගයකම මොකක් හරි අවස්ථාවකක් මගහැරෙනවා.හැබැයි හොඳට බැට් කරනවා.මේක මෙහෙම යන්න බැහැ.දවසක් අර්ජුන කිව්වා කළුව ඉස්සරහට ගේන්න වෙනවා කියල.මටත් හිතුනා ඒක තමයි කරන්න හොඳම දේ කියල.හොඳට බැට් කරනකොට ඒකෙන් ලැබෙන විශ්වාසය නිසා එයාගෙ කඩුලු රැකීම හරි යයි කියල අපි විශ්වාස කලා.සනත් කොහොමත් එතන බැට් කරනවා.අන්තිමට අපි තීරණය කලා මේ දෙන්නව OPENකරවන්න.මුලදි එතරම් සාර්ථක නොවුනත් පස්සෙ ටික ටික සාර්ථක වුණා. ඒකෙන් කළුගෙ කඩුලු රැකීමත් වර්ධනය වුණා.ලෝක කුසලානයට යනකොට මේ දෙන්නා නියම මට්ටමට ආවා. ඒක අපිට ලොකු ශක්තියක් වුණා ලෝක කුසලානය දිනාගන්න.මොකද මේක ගොඩාක් අය දැනගෙන හිටියෙ නැහැ.එයාල දැනගන්නකොට ලෝක කුසලානය දිනල ඉවරයි.”
ඉහත ප්රකාශය කරනු ලැබුවෙ 1996 ලෝක කුසලානය දිනා ගන්නා විට ශ්රී ලංකා කණ්ඩායමේ කලමණාකරු ලෙස කටයුතු කල දුලිප් මෙන්ඩිස්ය.1996 ජනවාරි මස 09වනදා ඔස්ට්රේලියාවේ පැවති බෙන්සන් ඇන්ඩ් හෙජස් තරඟාවලිය අතර තුරදී දුලිප්,වට්මෝර් ,අර්ජුන,අරවින්ද ඇතුලු පිරිස විසින් ගනු ලැබූ මෙම තීරණය නිසා ක්රිකට් ලොවම මේ තරම් කනපිට පෙරළේ යැයි ඇතැම් විට ඔවුන් පවා නොසිතන්නට මෙම ඔස්ට්රේලියානු සංචාරයට මාස දෙකකට පමණ පෙර සාජා හි පැවති තුන්කොන් තරඟාවලිය යටතේ ශ්රී ලංකාව හා බ.ඉ.කොදෙව්වන් අතර පැවති තරඟයකදී ශ්රී ලංකාවට ජයග්රහණය සඳහා ලකුණු 334ක් ලබාගත යුතු විය.මෙම ඉලක්කය හඹා යාමේදී එදා අංක 3 පිතිකරු ලෙස අරවින්ද සිල්වා පැමිණි අතර ඔහුගේ දැවී යාමෙන් පසු අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසියේ රොමේෂ් කළුවිතාරණය.එම යුගයේදී එක්දින ඉනිමක පලමු පන්දුවාර 15 තුලදී යාර 30 සීමාවෙන් පිටත රැඳවිය හැක්කෙ පන්දු රකින්නන් දෙදෙනෙකු පමණි.අරවින්ද දැවී යන විට ශ්රී ලංකා ඉනිමේ අවසන් වී තිබුණේ පන්දුවාර 7ක් පමණි.අනතුරුව පැමිණි කළුවිතාරණ පන්දු රකින්නන්ගේ හිස් වලට ඉහළින් පන්දුවට පහර දෙමින් පන්දු 20ක් තුල හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක්ද සහිතව වේගවත් ලකුණු 31ක් ලබා ගත්තේය.
දුලිප් පැවසූ අනෙකුත් කාරණා සේම කළුවිතාරනව ආරම්භක පිතිකරුවකු ලෙස යොදා ගැනීමට මෙම කාරණයද අමතර හේතුවක් වන්නට ඇතැයි විශ්වාස කල හැකිය.1995-96 බෙන්සන් ඇන්ඩ් හෙජස් තරඟාවලියේ ශ්රී ලංකාව මුහුණ දුන් පලමු තරඟ තුනේදීම ඉනිම ආරම්භ කරනු ලැබුවේ සනත් ජයසූරිය සමඟ රොෂාන් මහනාමය.මෙම තරඟ තුනෙදීම ආරම්භය යහපත් නොවීය.කොදෙව්වන් සමඟ පැවති හතරවන තරගයේදී ජයසූරිය සමඟ චන්දික හතුරුසිංහ ඉනිම ආරම්භ කලද එයද අසාර්තක විය.සනත්-කළු සුසංයෝගය ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණියේ 1996 ජනවාරි 9වනදා ඔස්ට්රේලියාව සමග මෙල්බර්න් හි පැවති තරඟයේදීය..පලමු තරඟ දෙකේදී සුසංයෝගයක් ලෙස සාර්ථක නොවුනද කළුවිතාරන පිතිකරුවකු ලෙස සාර්තක විය.අනතුරුව කොදෙව්වන් සමඟ පර්ත් හි පැවති තරගයෙිදී පලමු කඩුල්ලට ලකුණු 80ක සබඳතාවක් පවත්වමින් සාර්තක ආරම්භයක් පැවැත්වීමට මොවුන් දෙදෙනා සමත් විය.ආරම්භක පිතිකරුවකු ලෙස පැමිණීමෙන් පසු අර්ධ ශතක 3ක් ලබා ගැනීමට සමත් වූ කළුවිතාරන තරගාවලියේ අවසන් වටයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.
ලෝක කුසලාන තරඟාවලියේදී මොවුන් දෙදෙනාගෙ ප්රහාරය පිළිබඳව බොහෝ දෙනෙකු දන්නා නිසා එ් ගැන කතාකිරීමටඅවශය නෙමැති වුවද එ් නිසා අපට අත් වූ අමතර වාසි පිළිබදව යම් සටහනක් තැබීමට සිතුවෙමි.
එම යුගයේදී බොහෝ කණ්ඩායම් ශ්රී ලංකාව සමඟ පවත්වන තරඟයකදී වැඩි අවදානයක් යොමුකරනු ලබන්නේ අරවින්ද සිල්වාගෙ කඩුල්ල පිළිබඳවය.එහෙත් මෙම කසකාරයින් දෙදෙනා පන්දුවාර 10ක් ක්රීඩා කළ හොත් ලකුණු 100ක් පමණ ලකුණු පුවරුවට එක් වේ. මේ නිසා අරවින්දට වඩා මොවුන් දෙදෙනා පිළිබඳව අවදානය යොමු කිරීමට සෙසු කණ්ඩායම් වලට සිදු විය.මේ නිසා අරවින්දට තිබූ අවදානම තරමක් අඩු විය.ඒ් හේතුවෙන් අරවින්දගේ GAME එක පීඩනයකින් තොරව කරගෙන යාමට ඔහුට හැකි විය.අවසන් පූර්ව තරඟයේ දී මෙන්ම අවසන් මහ තරගයේදීද එයින් අපට මහගු ප්රයෝජන අත් විය.
තවත් කාරණයක් නම් එම යුගයේදී හෂාන්ගෙන් පසුව එනම් නොම්මර 7ස්ථානයේ පන්දුවට පහර දී තරගයක් වෙනස් කිරීමට හැකියාව ඇති ස්ථාවර පිතිකරුවකු අප සතුව සිටියේ නැත.කළුවිතාරණ ආරම්භක පිතිකරුවකු ලෙස පැමිණ එම ස්ථානයට රොෂාන් මහානාම පැමිණි පසු අපගේ එම අඩුපාඩුවද මග හැරිණි.සනත් කලූ දෙදෙනා ඉනිම ආරම්භ කල තරගයේදී ශ්රී ලංකාවට ජයග්රහණය සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 214කි.වරෙක ලකුණු 147කට කඩුලු 6ක් දැවී අවදානම් අඩියක සිටි ශ්රී ලංකා පිල කුමාර ධර්මසේන සමඟ එක්ව අර්ධ ශතකයක් පවා රැස් කරමින් තරඟය ජයග්රහණය කරා රැගෙන ගියේ රොෂාන් මහානාමය.තවද කොදෙව්වන් සමග පැවති පැවති තරගයකදී ද ලකුණු 121කට කඩුලු 6ක් දැවී තිබියදී ද අර්ධ ශතකයක් ලබා ගනිමින් ජයග්රාහී ලකුණු මට්ටමකට ශ්රී ලංකා කණ්ඩාම රැගෙන ගියේ මහානාමය.එපමණක්ද නොව ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දීද ශ්රී ලංකා පිල යම් අවදානම් තත්වයක සිටියදී හෂාන් -රොෂාන් සුසංයෝගය එක්වශ්රී ලංකා පිල තරගයේ ජයග්රහණය වෙත රැගෙන ගියේය.
එපමණක්ද නොව සනත්- කළු සුසංයෝගය තුල තිබූ මෙම අවබෝධය නිසා පන්දු රැකීමේදී ද ශ්රී ලංකා පිලට අමතර වාසි අත් විය. ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ සචින් තෙන්දුල්කාර්ගෙ දැවී යාම ඊට කදිම උදාහරණයකි.ජයසූරියගේ අතින් පන්දුව මුදාහරින විටම කළුවිතාරන තමන්ගේ පා ඉන්න දෙසට යොමුවන ආකාරය එම දැවීයාම සියුම්ව නිරීක්ෂණය කලහොත් දැක ගත හැකිය.
පන්දුව වේලාසනින් දැකීම,ක්ෂණිකව පහරට යොමු වීම,අත දිගහැර පන්දුවට රිදෙන්නට පහරදීම පමණක් නොව කඟවේනන් දෙදෙනෙකු සේ කඩුලු අතර දිව යාමද මුසු වූ මෙම සනත්-කළු සුසංයේගය විසින් ජගත් ක්රිකට් පිටිය තුල පෑ වික්රමය මෙරට ක්රීඩා ලෝලීන්ගේ සිත් තුල සදා අමරණීය සිහිවටන ලෙස තැන්පත් වී ඇතුවාට කිසිඳු සැකයක් නොමැත.
සමන් රණවකආරච්චි







