

“ඇත්තටම ඒ වෙලාවේ මට ඔ්න වුණා අරවින්ද අයියව ඇතුලට ගන්න.මට මොකක් හරි වුණොත් මට සනීප වෙන්න කාලයක් තියෙනවා.හැබැයි අරවින්ද අයියට මොනවා හරි වුණා නම් අපිට final එකට අපේ ඉන්න හොඳම පිතිකරුවාව නැති වෙනවා.ඊට පසිසෙ මට long on වලට ගිහිං අරවින්ද අයියාව යාර 30 සීමාවට ගන්නවා.එදා තමයි මට ක්රීඩාවේදී වැඩියෙන්ම භය දැනුණු දවස.එතන පන්දු රැකීම හරිම අමාරුයි.මුලින්ම ඇපල් ගෙඩි , දොඩම් ගෙඩි ආවා පිට්ටනියට.ඊට පස්සෙ හිස් බියර් ටින් ආවා.අන්තිමට වතුර පුරවපු බෝතල් ,හිස් අරක්කු බෝතලුත් අවා.මය ඒ වෙලාවෙ බලන් ඉන්න වුණේ පන්දුව දිහා නෙමෙයි ප්රේක්ෂකාගාරය දිහායි.”
පසු කලෙක මෙම ප්රකාශය සිදු කරනු ලැබුවේ 1996 ලෝක ශූර ශ්රී ලංකා කණ්ඩායමේ සිටි ලාබාලම ක්රීඩකයා මෙන්ම එම කණ්ඩායමේ සිටි ටෙස්ට් වරම් නොලැබූ එකම ක්රීඩකයාද වන උපුල් චන්දන විසිනි.
එවර ලෝක කුසලාන තරඟාවලියේ දී ඔහුට එකදු තරඟයකට හෝ ක්රීඩා කිරීමට නොහැකි වුවද ,අරවින්ද,ජයසූරිය,ගුරුසිංහ වැනි එවර තරඟාවලියේ සුපිරි වීරයින් තරමටම ශ්රී ලාංකිකයින්ගේ ගෞරවාදරයට පත්වීමට ඔහු සමත් විය.ඒ ඔහු සතුව තිබූ පරිතයාගශිලි ගුණය නිසාය.
ඉහත සඳහන් සිද්ධිය සිදු වූයේ එවර ලෝක ශූරතා තරඟාවලියේ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කල්කටා හි පැවති අවසන් පූර්ව තරඟයේ දීය.එම තරඟයේදී ලකුණු 252 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දීය කණ්ඩායම වරෙක එක් කඩුල්ලකට ලකුණු 98ක් ලබා ස්ථාවර තත්වයක සිටියේය.එහෙත් සචින් තෙන්දුල්කාර්ගේ දැවී යාමෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ කඩුලු එක පිට එක බිඳ වැටීමට පටන් ගත්තේය.ලකුණු 132ක් වන විට දැවී ගොස් තිබූ කඩුලු ගණන 8කි.
මෙම අවස්ථාවේදී තම කණ්ඩායමට අත්වීමට යන නියත පරාජයෙන් නිසා කුපිත වූ නරඹන්නන් විසින් පිටියට වතුර බෝතල්,බියර් ටින් වැනි දේ වලින් දමා ගසමින් තරඟයේ පාලනය තමන් අතට ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත විය.මෙම අවස්ථාව වන විට අරවින්ද ද සිල්වා පන්දු රකිමින් සිටියේ හතරේ සීමාව අසලය.මේ නිසා අරවින්දට යම් අනතුරක් සිදු වීමේ අවදානමක් තිබිණි.සෙසු ක්රීඩකයින්ට වඩා අරවින්දට එවැන්නක් සිදු වීමේ වැඩි ඉඩ කඩක් පැවතිණි.ඊට හේතුව තරඟයේ පළමු පන්දුවාරයේදීම සනත්-කලූ දෙදෙනාගේම කඩුලු දවාගෙන පසුව ගුරුසිංහවත් විගසින් දවාගෙන තරඟයේ වැඩි වාසි අත්කරගෙන සිටි ඉන්දියානු කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින් සුපිරි ඉනිමක් ක්රීඩාකොට ශ්රී ලංකා කණ්ඩායම මෙවැනි ස්ථාවර ලකුණු ගණනක් කරා රැගෙන යාමේ පුරෝගාමියා වූයේ අරවින්ද වීම නිසාය.
අර්ජුන පැවසූ කරුණට අමතරව ඒ තීරණය නොගත්තා නම් තවත් දෙයක් වන්නටද ඉඩ තිබිණි.එම තරඟයට පෙර පැවති එකඳු තරඟයකදී වත් රොෂාන් මහානාමට පන්දුවට පහරදීමට අවස්ථාවක් උදා වූයේ නැත.යම් හෙයකින් එංගලන්ත තරඟයට ඔහු ක්රීඩා නොකොට එම තරඟය ජයගෙන ශ්රී ලංකාව අවසන් පූර්ව තරඟයට පැමිණියේ නම් එක්වරම ඔහුට පන්දුවට පහරදීමට සිදු වන්නෙ අවසන් පූර්ව තරඟයේදීය.එම තරඟයේ දී ඔහු පන්දුවට පහදීමට පැමිණියේ අඩු ලකුණු ගණනකට කඩුලු 3ක් බිඳ වැටී දැඩි පීඩනයකට ලක්ව සිටි අවස්ථාවකය.පෙර තරගයේ දී පන්දුවට පහර දී යම් පලපුරුද්දක් ලබා නොසිටියේ නම් ඇතැම් විට මහානාම එදා ලබා ගත වටිනා ලකුණු 57 ලබා නොගැනීමටද ඉඩ තිබිණි.එසේ වූවා නම් අපට එවර ලෝක කුසලානය සිහිනයක් වන්නට ඉඩ තිබිණි.මන්ද එ් තරඟය ජයගැනීමට අරවින්දගේ ඉනිම මෙන්ම මහානාමගේ ඉනිමද බෙහෙවින්ම වැදගත් වූ නිසාවෙනි.
සමන් රණවකආරච්චි



