Tuesday, October 27, 2026
spot_img
Home Blog Page 3

ASIA CUP 2023 – පාකිස්තානය සහ නේපාලය දිවයිනට එයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා පාකිස්තාන කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අද ( අගෝස්තු 31 ) දිවයිනට පැමිණියේය. ඒ කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ පළමු තරගයට පාකිස්තානයේ මුල්තාන් ක්‍රීඩාංගණයේදි මුහුණ දීමෙන් අනතුරුය.

පලමු තරගයෙන් නේපාල කණ්ඩායමට සත්කාරක පාකිස්තානය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවූ අතර පාකිස්තානය සහභාගී වන මීලග තරගය ඉන්දියාවට එරෙහිව සැප්තැම්බර් 2 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

නේපාල කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමගින් සැප්තැම්බර් 4 වැනිදා පළමු වටයේ දෙවැනි තරගයට සහභාගී වේ.

ASIA CUP 2023 – සත්කාරක පාකිස්තානය ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයෙන් නේපාල කණ්ඩායමට එරෙහිව ලකුණු 238ක විශිෂ්ට ජයක් ලැබූ සත්කාරක පාකිස්තාන කණ්ඩායම තරගාවලියට සාර්ථක ආරම්භක් ලබා ගැනීමට අද ( 30 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 343ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය නේපාල කණ්ඩායමට පන්දුවාර 23.4කදී සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 104ක් පමණි. නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සොම්පල් කමී පන්දු 46කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 28ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශඩාබ් ඛාන් පන්දුවාර 6.4කදී ලකුණු 27කට කඩුලු 4ක් බිද හෙලමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් හැරිස් රහුෆ් ලකුණු 16කට කඩුලු 2ක් සහ ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 27කට කඩුලු 2 බැගින් ලබා ගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 342ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ නායක බාබර් අසාම් ( ලකුණු 151 ) සහ ඉෆ්තිකර් අහමඩ් ( නොදැවී ලකුණු 109 ) ලබා ගනිමින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් එපිටතට ගෙන යාමට කටයුතු කළහ. එය බාබර් අසාම් සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලාබාගත් 19 වැනි ශතකය විය. ඔහුගේ ඉනිම පන්දු 131කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 14කින් වර්ණවත් විය. ඔහුට නොදැවිනි ඉනිමක් ක්‍රීඩාකළ ඉෆ්තිකර් අහමඩ් නොදැවී ලකුණු 109ක් රැස් කිරීමට සමත් වූයේ සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මංගල ශතකය තමන්ගේ නම ඉදිරියේ ලියා ගනිමිනි. පන්දු 71කට මුහුණ දුන් ඔහු, හයේ පහර 4කින් සහ හතරේ පහර 11කින් සිය ඉනිම වර්ණවත් කළේය.

පාකිස්තාන ඉනිමේ ආරම්භක කඩුලු ද්විත්වය ලකුණු 25ක් තුළ බිද දැමීමට නේපාල ක්‍රීඩකයන් සමත් වුවද, බාබර් , රිස්වාන් සහ ඉෆ්තිකර්ගෙන් නේපාල පන්දු යවන්නන්ට ඉන්පසුව කිසිදු අවස්ථාවක් හිමි නොවූහ. පාකිස්තාන ඉනිමේ මුල් කඩුලු දෙක බිද වැටීමෙන් පසු පිටියට පිවිසි මොහොමඩ් රිස්වාන් සිය පාකිස්තාන ඉනිම ගොඩ නගමින් පන්දු පන්දු 50කදී ලකුණු 44ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදි සොම්පාල් කමී නියමිත පන්දුවාර 10 අවසානයේ ලකුණු 85කට කඩුලු 2ක් බිද දමද්දී, කරන් කේසී සහ සන්දීප් ලැමිෂේන් අතරේ එක් කඩුල්ල බැගින් බිද ගියහ.

පාකිස්තාන කණ්ඩායම සහභාගී වන මිලග තරගය ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලබන 2 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේද පැවැත්වීමට නියමිතය.

පාකිස්තාන කණ්ඩායම – පන්දුවාර 50 කදී කඩුලු 6කට ලකුණු 342

( බාබර් අසාම් 151, ඉෆ්තිකර් අහමඩ් නොදැවී 109, මොහොමඩ් රිස්වාන් 44, සොම්පල් කමී 2/85 )

නේපාල කණ්ඩායම – පන්දුවාර 23.4කදී සියලු දෙනාදැවී ලකුණු 104

( සොම්පල් කමී 28, අරීෆ් ෂෙයික් 26, ශඩාබ් ඛාන් 4/27, හැරිස් රහූෆ් 2/16, ශහීන් අෆ්රිඩි 2/27 )

ASIA CUP 2023 – පාකිස්තාන – නේපාල තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක පාකිස්තාන කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගය අද ( අගෝස්තු 30 ) පාකිස්තානයේ මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප.ව 3.00 ට ශ්‍රී ලංකාවේ වේලාවෙන් ආරම්භ වීමට නියමිතය.  

නේපාල කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර, රොහිට් පවුඩෙල් කණ්ඩායමට නායකත්වය සපයනු ලැබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය හෙට ( අගෝස්තු 31 ) බංග්ලාදේශයට එරෙහිව පල්ලේකැගේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 ප්‍රබලයන් රැසකට ආසියානු කුසලානය අහිමි වෙයි – උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( අගෝස්තු 29 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශාකනකට හිමි වෙද්දී, කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ.

වනිදු හසරංග, දුශ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක සහ ළහිරු කුමාර මින් පෙර ශ්‍රී ලංකා සංචිතයට තෝරාගෙන තිබුනද, ඔවුන්ගේ ආබාධ තත්ත්වයන් හේතුවෙන් තරගාවලියට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව ආබාධිත ක්‍රීඩකයන් වෙනුවට බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් පසුව සංචිතයට එක් කරනු ලැබූ බව වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා සංචිතය

( දසුන් ශානක ( නායක ), කුසල් මෙන්ඩිම් ( උප නායක ), පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීශ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්

Asia Cup 2023 – මධුශංකටත් ආසියානු කුසලානය මග හැරෙයි?

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංකටද මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මග හැරිමට ඇති අවස්ථාව වැඩිබව ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ ඔහුගේ උදරයේ මාංශ පේශි ආබාධයක් හේතුවෙනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම තුරුම්පු කිහිපයක් මේ වනවිටත් තරගාවලියෙන් ඉවත් ඇති අතර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ආබාධයට ලක්වූ වනිදු හසරංග වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුශාන් හේමන්ත සහ දුශ්මන්ත චමීර වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැදවීමට තීරණය කර තිබේ. ඩිල්ෂාන් මධුෂංකගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයට තවත් වේග පන්දු යවන්නන් දෙදෙනෙකු එක් කිරීමට වැඩි අවස්ථාවක් පවතින බව ආරංචි වේ.  ඒ් අනුව නුවන් තුෂාර සමගින් බිනුර ප්‍රනාන්දු හෝ කසුන් රාජිත යන අයගෙන් එක් අයෙකුට අවස්ථාව පවති.

කුසල් ජනිත් පෙරේරාටද කොරෝන වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙවර තරගාවලියේ මුල් තරග කිහිපය මග හැරෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය මෙ මස 31 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිළට කඩුලු 6ක ජයක්

0

රවීශාන් නේත්සර ( ලකුණු 65 ),  සුපුන් වඩුගේ ( ලකුණු 56 ) සහ දිනුර කලුපහන ( නොදැවී ලකුණු  52 )  විශිෂ්ට පිතිහරණය සහ ගරුක සන්කෙත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරරෙහිව පැවැති  පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද ( 27 ) සමත් විය. තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ඒ් අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 224ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 43.1කදී කඩුලු 4ක් පමණක් දැවී සිය කඩයිම පසුකර ගියහ.

රවිශාන් නෙත්සර පන්දු 85කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 65ක් ලබා ගනිද්දී, සුපුන් වඩුගේ පන්දු 78දී හතරේ පහර 8ක් සමගින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් විය. කඩුල්ලේ රැදී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය දිනුර කලුපහන පන්දු 42කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 52ක් ලබා ගැනිමට සමත් විය.

පන්දු යැවීමේදී නේතන් එඩ්වඩ් ලකුණු 43කට කඩුලු 3ක් සහ රියෝන් එඩ්වඩ්ස් ලකුණු 49කට කඩුල්ල බැගින් බිද හෙලූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට පන්දුවාර  49.1කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 223ක් පමණි.

කොදෙව් යොමුන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නේතන් සීලි ලකුණු 75ක් ලබා ගැනීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගරුක සන්කෙත් නියමිත පන්දුවාර 10 අවසා‌නයේ ලකුණු 48කට කඩුලු 5ක් සහ දිනුර කලුපහන ලකුණු 45කට කඩුලු 3 බැගින් බිද හෙලූහ.

කොදෙව් යොවුන් කණ්ඩායම – පන්දුවාර 49.1කදී සියලු දෙනාදැවී ලකුණු 223

( නේතන් සිලි 75, ඒඩ්‍රියන් වෙයර් 32, ස්ටෙෆාන් පැස්කල් 29, ටරික් ඒඩ්වර්ඩ් 27, ගරුක සංකෙත් 48/5, දිනුර කලුපහන 45/3 )

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම – පන්දුවාර 43.1කදී කඩුලු 4කට ලකුණු 224

( රවීශාන් නෙත්සර 65, සුපුන් වඩුගේ 56, දිනුර කලුපහන නොදැවී 52, ශරුජන් ශන්මුගනාතන් නොදැවී 20, නේතන් එඩ්වඩ් 43/3, රියෝන් එඩ්වඩ්ස් 1/49 )  

ඡායාරූප – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

‌Asia Cup 2023 – ශකීබ්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ පිල දිවයිනට

ශකීබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ කණ්ඩායම අද ( 27 ) පස්වරුවේ දියිනට පැමිණිහයහ.

මේ මස 31 වැනිදා ශ්‍රී ලංක කණ්ඩායමට ඒරෙහි තරගයෙන් පිටියට පිවිසීමට නියමිත බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් 3 වැනිදා ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමගින් පළමු වටයේ දෙවැනි තරගයට සහභාගී වීමට නියමිතය.

තරගාවලිය මේ මස 30 වැනිදා සිට ඒළඹෙන සැප්තැම්බර් 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ සත්කාරත්වයෙන් පැවැත්වේ.

Shakib Al Hasan (Captain), Litton Kumer Das, Najmul Hossain Shanto, Towhid Hridoy, Mushfiqur Rahim, Afif Hossain Dhrubo, Mehidy Hasan Miraz, Taskin Ahmed, Hasan Mahmud, Mustafizur Rahman, Ebadot Hossain Chowdhury, Shoriful Islam, Nasum Ahmed, Shak Mahedi Hasan, Naim Sheikh, Shamim Hossain, Tanzid Hasan Tamim

Photo – SLC

‌Asia Cup 2023 – ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරේ

මේ මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය අද ( 28 ) නම්කර තිබේ.

ක්‍රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හෂ්මතුල්ලාහ් ශහීඩ්ට හිමිව තිබේ.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය මේ මස 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තායේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරත්වයෙන් පැවැත්වීමට නියමිතය. ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට ඒරෙහිව ලාහෝර්හීදී සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඇෆ්ගනිස්තාන සංචිතය

Hashmatullah Shahidi (C), Rahmanullah Gurbaz (WK), Ikram Alikhil (WK), Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Karim Janat, Gulbadin Naib, Rashid Khan, Abdul Rahman, Sharafuddin Ashraf, Mujeeb Ur Rehman, Noor Ahmad, Mohammad Saleem Safi and Fazal Haq Farooqi.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළකට කොවිඩ් ආසාදනය වෙති

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට සතියකටත් වඩා අඩු කාලයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යුගලයක් මෙන් ම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඒක්වීමට නියමිතව සිටි කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු යන දෙපලටම කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් නිල නිවේදනයක් නිකුත් කර ‌නොමැත.

කුසල් ජනිත් සහ අවිශ්ක ප්‍රනාන්දු පසුගියදා නිමාවට පත්වූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී අනුශුරයන් වූ දඹුල්ල ඹ්රා කණ්ඩායම නියෝජනය කළහ.

කෙසේ නමුත් මේ මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට මොවුන් දෙදෙනාටම ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් හිමිවනු ඇති බව සඳහක් වේ.

AFG vs PAK – තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානය එක්දින තරගාවලිය ජය ගනියි

ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම අද ( 24 ) සමත් විය. ඒ් අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තානයට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 301ක ඉලක්කය හඹාගිය පාකිස්තා කණ්ඩායම පන්දුවාර 49.5කදී කඩුලු 9ක් දැවී සිය කඩයිම පසුකර ගියේය. තීරණාත්මක අවසන් පන්දුවාරයේදී ෆරෑක්ට හතරේ පහර දෙකකින් සංග්‍රහ කළ නසීම් ශා පාකිස්තානයට ජයග්‍රණය අත්කර දුන්නේය.

පාකිස්තානය වෙනුවෙන් ඉමාම් උල්හක් ( ලකුණු 91 ), නායක බාබර් අසාම් ( ලකුණු 53 ) සහ ශඩාබ් ඛාන් ( ලකුණු 48 ) බැගින් රැස් කරමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණයට පාර කපා දුන්හ.

පන්දු යැවීමේදී ෆසල්හක් ෆරෑකි ලකුණු 69කට කඩුලු 3ක් සහ මොහොමඩ් නබී ලකුණු 46කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 300ක් ලබා ගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 151කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් සමගින් ලකුණු 151ක් ලබා ගැනීමට සමත් වූයේ තම එක්දින ක්‍රිකට් පිටියේ තමන් ලබාගත් හොඳම ඉනිම ක්‍රීඩා කරමිනි. ඔහුට අනෙත් අන්තයේ සිට විශාල සහයක් දැක්වූ ඉබ්‍රහිම් සද්රම් පන්දු 101කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 80ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ශයීන් අෆ්රීඩි ලකුණු 58කට කඩුලු 2ක් බිද හෙලද්දී, නසීම් ශා සහ උසාමා මිර් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

දෙරට අතර අවසන් සහ තෙවැනි එක්දින තරගය මේ මස 26 වැනිදා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.