මේ මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වන ඇෆ්ගනිස්තාන සංචිතය අද ( 28 ) නම්කර තිබේ.
ක්රීඩකයන් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හෂ්මතුල්ලාහ් ශහීඩ්ට හිමිව තිබේ.
මෙවර ආසියානු කුසලාන තරගාවලිය මේ මස 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තායේ සහ ශ්රී ලංකාවේ සත්කාරත්වයෙන් පැවැත්වීමට නියමිතය. ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහභාගී වන පළමු තරගය බංග්ලාදේශයට ඒරෙහිව ලාහෝර්හීදී සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඇෆ්ගනිස්තාන සංචිතය
Hashmatullah Shahidi (C), Rahmanullah Gurbaz (WK), Ikram Alikhil (WK), Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Karim Janat, Gulbadin Naib, Rashid Khan, Abdul Rahman, Sharafuddin Ashraf, Mujeeb Ur Rehman, Noor Ahmad, Mohammad Saleem Safi and Fazal Haq Farooqi.



