ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා පාකිස්තාන කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අද ( අගෝස්තු 31 ) දිවයිනට පැමිණියේය. ඒ කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ පළමු තරගයට පාකිස්තානයේ මුල්තාන් ක්රීඩාංගණයේදි මුහුණ දීමෙන් අනතුරුය.
පලමු තරගයෙන් නේපාල කණ්ඩායමට සත්කාරක පාකිස්තානය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවූ අතර පාකිස්තානය සහභාගී වන මීලග තරගය ඉන්දියාවට එරෙහිව සැප්තැම්බර් 2 වැනිදා පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
නේපාල කණ්ඩායම ප්රබල ඉන්දීය කණ්ඩායම සමගින් සැප්තැම්බර් 4 වැනිදා පළමු වටයේ දෙවැනි තරගයට සහභාගී වේ.



