Tuesday, October 27, 2026
spot_img
HomeASIA CUPASIA CUP - බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

ASIA CUP – බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

මතීෂ පතිරණගේ විශිෂ්ට පන්දු යැවීමත් සදීර සමරවික්‍රමගේ සහ චරිත් අසලංකගේ ඉවසිලවන්ත පිතිහරඹයත් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 31 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 165ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39 කදී කඩුලු 5 පමණක් දැවී සිය කඩයිම පසුකර ගියේය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 15ක් තුළ නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් තරගයේ ග්‍රහණය තමන්ගේ යටතට ගැනීමට  බංග්ලාදේශ පන්දු යවන්නෝ උත්සාහ කළද එයට සදීර සමරවික්‍රමගෙන් සහ චරිත් අසලංකගෙන් අවස්ථාවක් හිමි නොවූහ. සිව්වන පිතිකරුවා ලෙස පිටියට පිවිස සදීර සමරවික්‍රම පන්දු 77කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 54ක් ලබා ගැනිමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තෙක් පිටි‌යේ රැදී සිටි චරිත් අසලංක පන්දු 92කින් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වූයේ සිය 8වන එක්දින අර්ධ ශතකය ලබා ගනිමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ලැබූ මෙම ජයග්‍රහණයත් සමගින් එක්දින පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලැබූ 11 වන ජය ලෙස ඉතිහාසයට එක්විය.

කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42.4කදී  සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 164ක් පමණි.

බංග්ලාදේශය වෙනුවෙන් නජ්මුල් හොසේන් ශැන්ටෝ ( ලකුණු 89 ) හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාවත් පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ. ශතකය පෙනෙන මානයේ තිබියදී මහීෂ් තීක්ෂණ යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් සිය ඉනිම ලකුණු 89කින් අවසන් කිරීමට ශැන්ටෝට සිදුවිය. පන්දු 122කින් ගොඩ නැගූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය. බංග්ලාදේශ ඉනිමේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10ට වඩා අඩුවෙන් දැවීයාම ඔවුන්ගේ පරාජයට ප්‍රධාන හේතුව විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ පන්දුවාර 7.4කදී ලකුණු 32කට කඩුලු 4ක් බිද හෙලමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට පාරකපා දුන්නේ තරගයේ වීරයා සම්මානයද දිනා ගනිමිි. ඔහුට අනගි සහයක් ලබාදුන් මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2ක් සහ ධනංජය ද සිල්වා , දසුන් ශානක සහ දුනිත් වෙල්ලාලගේ අතරේ කඩුල්ල  බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීලග තරගය එළඹෙන 5 වැනිදා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ලා‌හෝර් හිදි පැවැත්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments