Tuesday, October 27, 2026
spot_img
Home Blog

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිළ දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සහභාගී වන ඇෆ්ගනිස්තාතා ටෙස්ට් සංචිතය ඊයේ ( 30 ) රාත්‍රියේදී දිවයිනට පැමිණියහ. හෂ්මතුල්ලා ශහීඩ්ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්තාන සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්ව ඇති අතර දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය පෙබරවාරී 2 වැනිදා කොළඹ එස්.එස්.සී පිටියේදී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර එක්දින තරගාවලිය සම්පූර්ණයෙන්ම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර විස්සයි 20 තරගාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

Afghanistan Test squad: Hashmatullah Shahidi (c), Ibrahim Zadran, Abdul Malik, Noor Ali Zadran, Rahmat Shah (vc), Bahir Shah, Nasir Jamal, Ikram Alikhil (wk), Mohammad Ishaq (wk), Qais Ahmad, Zia-ur-Rehman, Zahir Khan, Yamin Ahmadzai, Nijat Masood, Mohammad Saleem and Naveed Zadran

CWC 2023 – ලෝක කුසලාන වාර්තා අලුත් කරමින් දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව පරදයි   

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 102ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අද ( 7 වැනිදා ) සමත් විය. මෙම තරගය ඉන්දියාවේ දිල්ලිහීදී පැවැත්විණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 429ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44. 5 කදී සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 326ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් පන්දු 42කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 76ක් රැස් කිරීමට සමත් වෙද්දී, සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ චරිත් අසලංක පන්දු 65කින් ලකුණු 79ක් රැස් කිරීමට සමත් විය. ඔහු දැවී යන විට සිය ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් එක්කරගෙන තිබිණි.

දිගින් දිගටම පිතිකරුවෙකු ලෙස අසාර්ථක වී සිටි නායක දසුන් ශානක නැවතත් ලකුණු අතරට පිවිසෙමින් පන්දු 62කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුවද එයද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.  ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය තරමකින් හෝ වැඩි කර ගැනීමට ශක්තියක් වූ කසුන් රාජිත පන්දු 31කට මුහුණ දෙමින් ලකුණු 33ක් ශ්‍රී ලංකා ඉනිමට ඒකතු කළේය.

පන්දු යැවීමේදී ජෙරාල්ඩ් කොට්සී ලකුණු 68කට කඩුලු 3ක් බිද දමද්දී, මාර්කෝ ජන්සෙන්, කේෂාව් මහරාජ් සහ කගීසෝ රබාඩා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට දකුණු අපිකානු කණ්ඩායමට ආරාධනා කරසිටි අතර, ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 428ක් රැස් කිරීමට සමත් වූයේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව තම රට ඉදිරියේ ලියා ගනිමිනි. මෙම තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශතක ත්‍රිත්වයක් වාර්තා වූ අතර එයද ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමක් තුළ පිතිකරුවන් තිදෙනෙකු ශතක ලබාගත් පළමු අවස්ථාව බවට පත්විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ඒ්ඩ්න් මාක්‍රම් ( ලකුණු 106 ) , රසී වැන්ඩර් ඩුසේන් ( ලකුණු 108 ) සහ ක්වෙන්ටන් ඩි කොක් ( ලකුණු 100 ) බැගින් ලබා ගනිමින් සිය ශතක වාර්තා කිරීමට සමත් වූහ. පන්දු 49කින් සිය ශතකය සම්පූර්ණ කළ ඒඩ්න් මාක්‍රම් ඉතිහාසගත වූයේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තාකළ වේගවත්ම ශතකය ලෙසයි.

එමෙන්ම මෙම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 754ක් රැස් කිරීමට සමත් වූ අතර ( දකුණු අප්‍රිකාව 428 + ශ්‍රී ලංකාව ලකුණු 326 )  එය ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීලග තරගය මෙ මස 10 වැනිදා පාකිස්තාන කන්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.

CWC 2023 – නවසීලන්තය ජයග්‍රහණයකින් ලෝක කුසලාන ගමන අරඹයි

වත්මන් ලෝක ශූර එංගලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භක කිරීමට අද ( 5 වැනිදා ) සමත් විය. මෙම තරගය අහ්මදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ජයග්‍රහණය සදහා ලකුණු 283ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 36.2කදී කඩුල්ලක් පමණක් දැවී සිය කඩයිම පහසුවෙන්ම පසුකර ගියේය.

එංගලන්ත කණ්ඩායමට දරුණු පරාජයක් අත්කර දුන් ඩෙවෝන් කොන්වේ සහ රචින් රවීන්ද්‍ර දෙවැනි කඩුල්ල සඳහා පන්දු 211කින් ලකුණු 273ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.

මෙවර තරගාවලියේ මංගල ශතකය වාර්තා කල ඩෙවෝන් කොන්වේ පන්දු 121කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 19ක් සමගින් නොදැවී ලකුණු 152ක් රැස් කිරීමට සමත් විය. ඔහුට නොදැවිණි ඉනිමක් ක්‍රීඩාකරමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය ලබාගත් රචින් රවීන්ද්‍ර පන්දු 96කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් සමගින් නොදැවි ලකුණු 123ක් රැස් කිරීමට සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායක ටොම් ලේතන් පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කල අතර, ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 282ක් පමණි.

එංගලන්ත ඉනිම වෙනුවෙන් ජෝ රෑට් ලකුණු 77ක් සහ නායක ජොස් බට්ලර් ලකුණු 43 බැගින් රැස් කිරීමට සමත් වූහ. එංගලන්ත ඉනිමේ සියලුම පිතිකරුවන් ලකුණු 10 සීමාව පසුකර යෑමට සමත් වූ අතර එය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී පිතිකරුවන් 11 දෙනාම ලකුණු 10 හෝ ඊට වැඩියෙන් රැස්කළ පළමු අවස්ථාව බවට පත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි ලකුණු 48කට කඩුලු 3ක් බිද දමද්දී, ග්ලේන් පිලිප්ස් සහ මිචෙල් සැන්ටර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ASIA CUP – විනාඩි 116කට පසු ඉන්දියාව ආසියාවේ ශූරයන් වෙයි

0

මොහොමඩ් සිරාජ්ගේ විශිෂ්ට පන්දු යැවීමත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹයත් හේතුවෙන් 16 වැනි වරට පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය තමන් සතුකර ගැනීමට ඉන්දියාව අද ( 17 ) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් ඉන්දියාව ආසියානු කුසලානය ජයගත් 8 වැනි අවස්ථාව බවට පත්විය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය විනාඩි 116ක් ( පැය 2 අඩුවෙන් )  වැනි කාලයක් තුළදී අවසන් වීම කාගේත් කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වූයේ  ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම අවමන් සහගත පරාජය නිසාවෙනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව තරගය ප.ව 3.00 ට ආරම්භ වීමට නියමිතව තිබුනද, තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග තරගය ප.ව 3.40 ආරම්භ විය.

පළමු පන්දුවාරයේදීම ජස්ප්‍රිට් බුම්රා ලබාදුන් සාර්ථක ආරම්භයත් සමගින් දිමුත් කරුණාරත්න වෙනුවට කණ්ඩායමට එක් වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු ලබා ගැනීමටත් පෙරාතුවම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට කටයුතු කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 1කට කඩුලු 1ක් බවට පත් කරමනි. ඉන් ආරම්භ වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් මොහොමඩ් සිරාජ්, ඔහු යැවූ පළමු පන්දුවාරයෙන් ම කඩුලු 4ක් බිද දැමීමට කටයුතු කළේ තරගයේ සම්පූර්ණ වාසිය ඉන්දියාව වෙත නතුකර දෙමිනි. ඔහුගේ පන්දුවාරයේදී පැතුම් නිශ්ශංක ( ලකුණු 2 ), සදීර සමරවික්‍රම ( ලකුණු 0 ), චරිත් අසලංක ( ලකුණු 0 ) සහ ධනංජය ද සිල්වා ( ලකුණු 4 ) දවා ගැනීමට කටයුතු කළේය. 

ශ්‍රී ලංකා මුල්පෙළ සහ මැද පෙළ සියල්ල ක්‍රීඩාංගණයේ නරඹන්නන් බවට පත් වෙද්දී, පිටියට එක් වූ නායක දසුන් ශානකටද මුහුණ දීමට හැකි වූයේ පන්දු 4ක් පමණි. මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබාම දැවී යාමට ශානකට සිදු වූ අතර ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6කට ලකුණු 12 ලෙසය. ඒ වනවිට ශ්‍රී ලංකා කන්ඩායම මුහුණ දී තිබුනේ පන්දුවාර 5.4ක් පමණි.

සියල්ල අසාර්ථක වෙද්දී, එක් අන්තයක අසරණ වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට උත්සාහ කළද, එයට ද මොහොමඩ් සිරාජ්ගෙන් අවස්ථාවක් හිමි නොවීය. කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ලද දවාගත් මොහොමඩ් සිරාජ් තම එක්දින පිටියේ යැවූ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

කුසල් මෙන්ඩිස් ( ලකුණු 17 )  හැරෙන්න ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 10 සීමාව පසුකළ එකම ක්‍රීඩකයා වූයේ මහීෂ් තීක්ෂන වෙනුවට කණ්ඩායමට එක් වූ දුශාන් හේමන්ත පමණි. ඔහු සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් නොදැවී ලකුණු 13ක් ලබා ගනිමින් සිය අන්තයේ රැදී සිටියද ඒ වනවිට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10 දැවී ගොස් අවසන්ය.

මොහොමඩ් සිරාජ් ශ්‍රී ලංකා මුල්පෙළ සහ මැද‌පෙළ විනාශ කරද්දී, ඔහුට අනගි සහයක් ලබාදුන් හර්දික් පාණ්ඩ්‍යා පසුපෙළ පිතිකරුවන් වූ දුනිත් වෙල්ලාලගේ ( ලකුණු 8 ), ප්‍රමොද් මධුෂාන් ( ලකුණු 0 ) සහ මතීෂ පතිරණ ( ලකුණු 0 ) බිද දැමීමට කටයුතු කළේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 51ක පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශුබ්මන් ගිල් ( නොදැවී 27 ) සහ ඉෂාන් කිෂාන් ( නොදැවී 23 ) ලබා ගනිමින් තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කළහ.

මොහොමඩ් සිරාජ් අවසන් තරගයේ වීරයා බවට ‌පත් වෙද්දී, කුල්දීප් යාදේව් තරගාවලියේ වීරයා බවට පත් විය.

ASIA CUP – තියුණු සටනකින් පසු පාකිස්තානය පරදා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

0

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවති තීරණාත්මක තරගයෙන් අවසන් මොහොතේ කඩුලු 2ක ජයත් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද අලුයම ( 15 වැනිදා ) සමත් විය. ඒ අනුව මේ මස 17 වැනිදා ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් තරගයට මුහුණ දීමට නියමිතය.

ජයග්‍රහණය සඳහා ලකුණු 252ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කළේ අවසන් පන්දුවේදීය. චරිත් අසලංක ඩීප් ස්කෙයාර් ලෙග් කළාපයට පන්දුව යොමු කරමින් අවසන් පන්දුවට ජයග්‍රාහී ලකුණු 2 සම්පූර්ණ කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම 11 වන වරටත් ආසියානු කුසලාන අවසන් මහා තරගයට ගෙන යමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු චරිත් අසලංක පන්දු 47කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 49ක් රැස් කිරීමට සමත් විය.

මෙවර තරගාවලයේ තෙවැනි අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් පන්දු 87කදී හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 91ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහු මෙවර තරගාවලියේ ශතකය පෙනී පෙනී දැවී ගිය දෙවැනි අවස්ථාව බවට එය පත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් සදීර සමරවික්‍රම පන්දු 51කද හතරේ පහර 4ක් සමගින් ලකුණු 48ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ඉෆ්තිකර් අහමඩ් ලකුණු 50කට කඩුලු 3ක් සහ ශහීන් ශා අෆ්රීඩි ලකුණු 52කට කඩුලු 2 බැගින් බිද දැමීමට සමත් වූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 42කදී කඩුලු 7කට ලකුණු 252ක් රැස් කිරීමට සමත් විය. මෙම තරගය පන්දුවාර 50 තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුනද තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග එක් ඉනිමක් පන්දුවාර 42කට සීමා කිරීමට තරග තීරකවරු තීරණය කළහ.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ මොහොමඩ් රිස්වාන් පන්දු 73කදී නොදැවී ලකුණු 86ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය. අබ්දුල්ලා ශෆීක් ( ලකුණු 52 ) සහ ඉෆ්තිකර් අහමඩ් ( ලකුණු 47 ) බැගින් රැස් කරමින් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට කටයුතු කළහ.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65කට කඩුලු 3ක් සහ ප්‍රමොද් මධුෂාන් ලකුණු 58කට කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වූහ.

ASIA CUP – කෝලි – රාහුල් – කුල්දීප් පාකිස්තානය දණ ගස්වති

0

විරාට් කෝලිගේ සහ කේ. එල් රාහුල්ගේ විශිෂ්ට පිතිහරඹයත්, කුල්දීප් යාදේව්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ පාකිස්තානයට එරෙහිව පැවති සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 228ක දැවැන්ත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද ( 11 වැනිදා ) සමත් විය. මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයෙ ( 10  වැනිදා ) ආරම්භ වුවද, තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග අද ( 11 වැනිදා ) දිනයේදීද පැවැත්වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 357ක දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 32කදී කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128ක් පමණි.

පාකිස්තාන ඉනිමේ එකදු පිතිකරුවෙකුටවත් ලකුණු 30 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූ අතර, ෆකර් සමාන් ( ලකුණු 27 ) , අගා සල්මන් ( ලකුණු 23 ) සහ ඉෆ්තිකර් අහමඩ් ( ලකුණු 23 ) බැගින් රැස් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී කුල්දීප් යාදේව් ලකුණු 25කට කඩුලු 5ක් බිද දමද්දී, ජස්ප්‍රිට් බුම්රා, හර්දික් පාණ්ඩ්‍යා සහ ශර්දුල් තකූර් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කරසිටි අතර, ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 356ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක රොහිත් ශර්මා ( ලකුණු 56 ) සහ ශුබ්මන් ගිල් ( ලකුණු 58 ) රැස් කරමින් අර්ධ ශතක ලබද්දී, තෙවැනි සහ සිව්වන පිතිකරුවන් ලෙස පිටියට පිවිසි විරාත් කෝලි සහ කේ.එල් රාහුල් ශතක ලබා ගනිමින් පාකිස්තාන පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරන්නට වූහ.

තම ක්‍රිකට් දිවියේ 47වැනි එක්දින ශතකය ලබාගත් විරාට් කෝලි පන්දු 94කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 122 ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම ඉනිම් සංඛ්‍යාවකින්  වේගවත්ම එක්දින ලකුණු 13,000 සීමාව පසුකර යාමට ද කෝලිට අවස්ථාව හිමි විය. ඔහුට අනගි සහයක් ලබාදුන් කේ. එල් රාහුල් පන්දු 106කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 111ක් ලබා ගැනීමට කටයුතු කළේ සිය එක්දින පිටියේ 6 වැනි ශතකයද ලබා ගනිමිනි.

පන්දු යැවීමේදී ශඩාබ් ඛාන් සහ ශහීන් අෆ්රීඩි අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගය හෙට ( 12 වැනිදා ) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව 3.00ට ආරම්භ වීමට නියමිතය.

ඡායාරූප – ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි

ASIA CUP – ශ්‍රී ලංකාව සුපිරි සිව්දෙනාගේ වටය ජයග්‍රහණයකින් අරඹයි  

0

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවැනි තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 9 වැනිදා ) සමත් විය. මෙම තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහණයත් සමගින් බංග්ලාදේශය සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවැනි පරාජයද වැළද ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 258ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48.1 කදී සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 236ක් පමණි.

යොවුන් පිතිකරු තවුහිද් රිදෝයි අවසන් මොහොත තෙක් සටන් කරමින් බංග්ලාදේශය ජයග්‍රහණය වෙත රැගෙන යාමට උත්සාහ කළද, එයට මහීෂ් තීක්ෂනගෙන් අවස්ථාවක් හිමි නොවීය. තවුහිද්, තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී යනවිට පන්දු 97කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 82ක් ලබා තිබුණි.

සෙසු පිතිකරුවන් වූ  මුෂෆිකර් රහීම් ( ලකුණු 29 ) සහ මෙහෙදි හසන් ( ලකුණු 28 ) බැගින් රැස් කිරීමට සමත් වූවද ඔවුන්ටද දිගු ඉනිමක් ගොඩ නැගීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක දසුන් ශානක තරගයේ ආරම්භයේ සිටම සිය වගකීම තමන්ගේ අතට ගනිමින් පන්දුවාර 9කදී ලකුණු 26කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් බිද දමද්දී, යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නියමිත පන්දුවාර 10ට ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුල්ලක්ද බිද හෙලීමට සමත් වූයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ සදීර සමරවික්‍රම පන්දු 72කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 93ක් රැස් කිරීමට සමත් වූයේ සිය එක්දින ක්‍රිකට් පිටියේ පෞද්ගලික හොඳම ඉනිම ක්‍රීඩා කරමිනි. ඔහුට අනගි සයහක් ලබාදුන් කුසල් මෙන්ඩිස් මෙවර තරගාවලියේ සිය දෙවැනි අර්ධ ශතකය ලබා ගැනීමට කටයුතු කළේය. ඒ පන්දු 73කදී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 50ක් ලබා ගනිමිනි. පැතුම් නිශ්ශංක ( ලකුණු 40 ) සහ නායක දසුන් ශානක ( ලකුණු 24 ) බැගින් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට සිය දායකත්වය ලබා දුන්හ.

පන්දු යැවීමේදී හසන් මහ්මුද් සහ ටස්කින් අහ්මඩ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීලග තරගය මේ මස 12 වැනිදා ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.

මැතිවුස් සිය අවසන් එක්දින ලෝක කුසලානයට බලාපොරොත්තු පොදි බදියි

0

ලබන මස ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 එක්දින ලෝක කුසලානය තමන් ක්‍රීඩාකරන අවසන් ලෝක කුසලානය බවත් එම තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තමන්ට අවස්ථාවක් ලැබෙන්නේ නම් තමන්ගේ සියලුම අත්දැකීම් උපයෝගී කරගනිමින් කණ්ඩායමට උපරිමය කිරීමට හැකි බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් පවසයි.

මේ වනවිට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් ජ්‍යෙෂ්ටතම ක්‍රීඩකයා වනුයේද ඇන්ජලෝ මැතිවුස්ය. ඔහු 2011, 2015 සහ 2019 එක්දින ලෝක කුසලාන සංචිතයන්හී ක්‍රියාකිරීම ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළද, වර්තමානයේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

පසුගියදා නිමාවට පත් වූ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී, බී-ලව් කැන්ඩි කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිවුස් එහිදී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළේ නැවතත් සිය පන්දු යැවීමේ කාර්යෙන් ද කණ්ඩාමට දායකත්වය ලබා දෙමිනි.

ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා කාන්තා පිළ එංගලන්තය තරග 2-1කින් පරදයි

එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව විස්සයි 20 තරගාවලියක් ජයග්‍රහණය කිරීමට අද ( 6 වැනිදා ) සමත් විය. මෙම තරගය එංගලන්තයේ ඩර්බිහිදී පැවැත්විණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 117ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තවත් පන්දු 18ක් ඉතිරිව තිබියදීම තරගය පහසුවෙන් ජයග්‍රහණය කළේය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දු 28කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 44ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කරමිනි.

ඇයට අනගි සහයක් දක්වමින් අනෙත් අන්තයේ රැදී සිට අනුෂ්කා සංජීවනි පන්දු 16කින් ලකුණු 20ක් රැස් කිරීමට සමත් වූවාය.

චමරිගේ සහ සංජීවනිගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ හර්ෂිතා සමරවික්‍රම ( නොදැවී 26 ) සහ හසිනි පෙරේරා ( නොදැවී 9 ) ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත කැදවාගෙන ගියහ.

පන්දු යැවීමේදී සරා ග්ලේන් නියමිත පන්දුවාර 4 අවසානයේ ලකුණු 23කට කඩුලු 2ක් බිද හෙලුවාය.

කාසයේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 18කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116ක් පමණි.

තම කණ්ඩායමේ බර අතට ගත් චමරි අතපත්තු විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලද්දී, උදේශිකා ප්‍රබෝධනි සහ කවීෂා කල්හාරි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ඒ අනුව සමස්ත තරගාවලිය තුලදීම පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අවසන් තරගයේ වීරවරිය මෙන්ම තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තාය.

ASIA CUP – පාකිස්තානය හමුවේ බංග්ලාදේශයට කඩුලු 7ක පරාජයක්

0

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටය අරඹමින් පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 7ක ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද ( 6 වැනිදා ) සමත් විය. මෙම තරගය පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 194ක ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 39.3කදී කඩුලු 3ක් පමණක් දැවි සිය කඩයිම පසුකර ගියහ.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඉමාම් උල් හක් ( ලකුණු 78 ) සහ මොහොමඩ් රිස්වාන් ( නොදැවී 63 ) ලබා ගනිමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ්, ශොරිෆුල් ඉස්ලාම් සහ මෙහෙදි හසන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 38.4කදි සියලුදෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 193ක් පමණි.

බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 64 ක් සහ නායක ශකිබ් අල් හසන් ලකුණු 53 බැගින් රැස් කිරීමට සමත් වුවද, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවවත් පසුකර යාමට අවස්ථාවක් හිමි නොවූහ.

විශීස්ට පන්දු යැවීමක නිරත වූ හරිස් රයුෆ් ලකුණු 19කට කඩුලු 4ක් සහ නසීම් ශා ලකුණු 34කට කඩුලු 3බැගින් බිද හෙලූහ.