Tuesday, October 27, 2026
spot_img
HomeASIA CUPASIA CUP - අවධානම එක්ක පිටියට එන ශ්‍රී ලංකාවට සහ ඇෆ්ගනිස්තානයට හෙට...

ASIA CUP – අවධානම එක්ක පිටියට එන ශ්‍රී ලංකාවට සහ ඇෆ්ගනිස්තානයට හෙට (5) මොනවා වෙයිද? 

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම  අතර පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගය හෙට ( 5 වැනිදා ) පාකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වේ.

මේ වන විට බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලා‌දේශ කණ්ඩායම එක් තරගය බැගින් ජයග්‍රහණය කර ඇති මුත් ඇෆ්ගනිස්තානය කිසිදු ජයක් ලබා නොමැත. ඒ අනුව මේ වනවිට සුපිරි 4 දෙනාගේ වටයට ගමන් කිරීමේ දැඩී බලපෑම එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමටයි. නමුත් එහි බලපෑම ශ්‍රී ලංකාව වෙතටද යොමුව ඇත්තේ මේ වනවටි බංග්ලාදේශ කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සිදුසුකම් ලබා ඇති බැවිනි. ඒ තරග දෙකක් අවසානයේ බංග්ලාදේශය ලබා ඇති දළ ලකුණු වේගය නිසාවෙනි. මේ වනවිට ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා දළ ලකුණු වේගය වැඩියෙන් පැවැතියද, හෙට තරගයේ තීරණය මත ශ්‍රී ලංකාවේ අගය අනිවාර්යෙන්ම වෙනස්වනු ඇත.  

හෙට පැවැත්වෙන ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ශ්‍රී ලංකාව ජයගතහොත්, බංග්ලාදේශය සමගින් ශ්‍රී ලංකාවට පහසුවෙන්ම අවසන් 4 දෙනාගේ වටයට ගමන් කිරීමට හැකියාව පවති.  මෙම තරගය ඇෆ්ගනිස්තානය ජය ගැනිම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඔවුන් ශ්‍රී ලංකාව වැඩි ලකුණු පරතරයකින් ( අවම ලකුණු 70කින් ) හෝ අඩු පන්දුවාර ගණනකින් ( පන්දුවාර 36 ) හඹාගොස් පරාජය කළ යුතුය.  එසේ වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව එසේ පරාජය වුවහොත් දැනට පවතින බංග්ලාදේශ ශුද්ධ ලකුණු වේගයටත් වඩා ශ්‍රී ලංකාවේ දල ලකුණු වේගය පහළ යනු ඇත. එසේ වන්නේ නම් බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අවසන් 4ට ගමන් කරනු ඇත.

උදාහරණයක් ලෙස, ඇෆ්ගනිස්තානයට අවසන් 4ට සුදුසුකම් ලැබීමට නම්,  

ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 300 ක් ලබාගතහොත්, ඇෆ්ගනිස්තානය එම කඩයිම පන්දුවාර 36කින් හඹා යා යුතුය.

ඇෆ්ගනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 300 ක් ලබාගතහොත් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 230කට සීමාකළ යුතුය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේ තීරණය මත බංග්ලාදේශ කණ්ඩායම තුන්වන ස්ථානය තෙක් පහළ නොබසින අතර ශ්‍රී ලංකාවට හෝ ඇෆ්ගනිස්තානයට එම ස්ථානයට පහළ බැසීමට සිදුවනු ඇත.

හෙට තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 3.00ට ආරම්භ වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments