Tuesday, October 27, 2026
spot_img
HomeASIA CUPASIA CUP - ඉන්දියාව කඩුලු 10ක ජයත් සමගින් සුපිරි 4 දෙනාගේ වටයට

ASIA CUP – ඉන්දියාව කඩුලු 10ක ජයත් සමගින් සුපිරි 4 දෙනාගේ වටයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාලයට එරෙහිව පැවති තීරණාත්මක තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 10ක පහසු ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම මෙවර තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලැබිමට අද ( 4 වැනිදා ) සමත් විය. මෙම තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පන්දුවාර 50 තරගයක් ලෙස මෙය පැවැත්වීමට නියමිතව තිබුනද, තරගයේ දෙවැනි ඉනිමට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග ඉන්දීය කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 23කදී හිමි වූ ඉලක්කය ලකුණු 145කි. එය පහසුවෙන් හඹාගිය ඉන්දීය නායක රොහිත් ෂර්මා ( නොදැවී ලකුණු 74 ) සහ ශුබ්මන් ගිල් ( නොදැවී ලකුණු 67 ) රැස් කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ තවත් පන්දු 17ක් ඉතිරිව තිබියදීය. ඒ අනුව සිය මංගල ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩාකළ නේපාල කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූයේ ඔවුන් සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වෙමිනි.

කාසිය වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය නායක රොහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට නේපාල කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව නේපාල කණ්ඩායමට පන්දුවාර 48.2කදී සියලුදෙනා දැවී ලබාගතහැකි වූයේ ලකුණු 230ක් පමණි.

නේපාලය වෙනුවෙන් අසීෆ් ෂෙයික් පන්දු 97කින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 58ක් රැස් කරද්දී, සොම්පල් කමී පන්දු 56කින් හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 48ක් රැස් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී රවින්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් සිරාජ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments