Tuesday, October 27, 2026
spot_img
HomeASIA CUPASIA CUP - ඉන්දීය - පාකිස්තාන තරගය වර්ෂාවට සේදෙයි - පාකිස්තානය සුපිරි...

ASIA CUP – ඉන්දීය – පාකිස්තාන තරගය වර්ෂාවට සේදෙයි – පාකිස්තානය සුපිරි 4ට

කාගේත් අවධානය යොමුව තිබූ ඉන්දීය – පාකිස්තාන ආසියානු කුසලාන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග තීරකයෝ තීරණය කළ අතර, ඒ අනුව කන්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු බැගින් හිමිවිය. ඒ අනුව සුපිරි සිව් දෙනාගේ තරග වටයේ  පළමුවෙන්ම සිය ආසානය වෙන්කරවා ගැනීමට පාකිස්තානයට හැකි විය. තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද ( 2 වැනිදා ) පැවැත්විණ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 48.5කදී සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 266ක් පමණි.

ඉන්දීය ඉනිමේ ආරම්භක පෙළ ශ්‍රනිකව නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ ශහීන් ෂා අෆ්රිඩී සහ හරිස් රවුෆ් පහසුවෙන් තරගය පාකිස්තානය වෙත හරවා ගැනීමට සමත් වූහ. ඒ ඉන්දීය නායක රොහිත් ෂර්මා  ( ලකුණ 11 ), විරාත් කෝලි ( ලකුණු 4 ), ශ්‍රියාර් අයියර් ( ලකුණු 14 ) සහ ශුබ්මන් ගිල් ( ලකුණු 10 )කට සීමා කරමිනි.

කඩා වැටුණු ඉන්දිය ඉනිම නැවත ගොඩ නැගූ ඉෂාන් කිෂාන් සහ හර්දික් පාණ්ඩයා පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් තරගකාරී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට කටයුතු කළහ. රවුෆ්ගේ පන්දුවක් හමුවේ බාබර් අසාම්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඉෂාන් කිෂාන් දැවී යනවිට පන්දු 81කදී ලකුණු 82ක් ලබා සිටි අතර  එයට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ඇතුලත් විය. ඔහුට නොදැවිනි ඉනිමක් ක්‍රීඩාකළ හර්දික් පාණ්ඩයා පන්දු 90කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 87ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ශහීන් අෆ්රීඩි ලකුණු 35කට කඩුලු 4ක් බිද දමද්දී, නසීම් ශා සහ හරිස් රවුෆ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ලකුණු 267ක ඉලක්කයක් හිමි වුවත්, වර්ෂාවෙන් තරගයට බාධා පැමිණිමත් සමග දෙවැනි ඉනිමේ එකදු පන්දුවාරයක්වත් යොමු කිරීමට අවස්ථාවක් හිමි නොවූහ. මේ හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරමින් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් ලබා දීමට තරග තීරකයෝ තීරණය කළහ. ඒ අනුව මේ වනවිට ප්‍රසාද ලකුණු 3ක් ලබා සිටින පාකිස්තාන කණ්ඩායම ඒ් කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments