Tuesday, October 27, 2026
spot_img
HomeASIA CUPASIA CUP - ඇෆ්ගනිස්තානය බංග්ලාදේශයට පරදී - බංග්ලාදේශය දෙවැනි තැනට

ASIA CUP – ඇෆ්ගනිස්තානය බංග්ලාදේශයට පරදී – බංග්ලාදේශය දෙවැනි තැනට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ලෙස පැවති බංග්ලාදේශ සහ  ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් ලකුණු 89ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම අද ( 4 වැනිදා ) සමත්විය. මෙම තරගය පාකිස්තානයේ ලා‌හෝර් හිදී පැවති අතර මෙම ජයග්‍රහණයත් සමගින් බංග්ලාදේශයට සුපිරි 4 දෙනාගේ වටය ගැන බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව ලැබිණ.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවටි පෙරමුණ ගෙන ඇති අතර බංග්ලාදේශය එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි. කණ්ඩායම් දෙකම තරග 1 බැගින් ජයගෙන සිටියද, දල ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් පසු වීම මෙයට හේතුවයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ශ්‍රී ලංකාව ජයගතහොත්, ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශය සුපිරි 4 දෙනාගේ වටයට සුදුසකම් ලබනු ලැබේ. නමුත් එම තරගයෙන් ඇෆ්ගනිස්තිනය ජය ගතහොත් කණ්ඩායම් ත්‍රිත්වයම එක් තරගය බැගින් ජය ගෙන ඇති බැවින් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක බී කාණ්ඩයෙන් සුපිරි 4 දෙනාගේ වයටය සුසුකම් ලබනු ලැබේ. නමුත් මේ වනවිට මෙහි දැඩි පීඩනය එල්ල ඇත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමටය. ඒ ශ්‍රී ලංකාවට එ‌‌රෙහි තරගය ඔවුන් වැඩි ලකුණු පරතරයකින් හෝ අඩු පන්දුවාර ගණනකින් ජයගත යුතුව ඇති බැවිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 335ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 44.3කදී සියලු දෙනාදැවී ලබාගත හැකි වූයේ ලකුණු 245ක් පමණි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඉබ්‍රහිම් සද්රම් පන්දු 74කදී හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 75ක් රැස් කරද්දී, නායක හෂ්මතුල්ලා ෂහිදී පන්දු 60කින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඩ් ලකුණු 44කට කඩුලු 4ක් සහ ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 36කට කඩුලු 3ක් බිද හෙලූහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 334ක් රැස් කිරීමට සමත් විය.

බංග්ලාදේශ ඉනිමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි මෙහිදි හසන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 119කදී ලකුණු 112ක් රැස් කිරීමට සමත් වූයේ සිය එක්දින ක්‍රිකට් පිටියේ දෙවැනි ශතකය තමන්ගේ නම ඉදිරියේ ලියා ගනිමිනි. ඔහුගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ  පහර 7කින් වර්ණවත් විය.

ඔහුට නොදැවිනි ඉනිමක් ක්‍රීඩා කරමින් බංග්ලාදේශ ඉනිම ගොඩ නැගූ නජ්මුල් ශන්ටෝද සිය එක්දින ක්‍රිකට් පිටියේ දෙවැනි ශතකය ලබා ගනිමින් පන්දු 105කදී ලකුණු 104ක් රැස් කිරීමට සමත් විය. ඔහු දැවී යනවිට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සිය ඉනිමට ඒකතුකර ගෙන තිබුණි. පන්දු 18කදී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 32ක් ලබාගත් නායක ශකීබ් අල් හසන් බංග්ලාදේශ ලකුණු පුවරුව 300 සීමාවෙන් එපිටතට ගෙන යාමට කටයුතු කළේය.

පන්දු යැවීමේදී මුජීබ් රහ්මාන් සහ ගුල්බදීන් නයිබ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments