Tuesday, October 27, 2026
spot_img
HomeInternationalශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි

චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඒංගලන්ත තරග සංචාරය සදහා අද ( අගෝස්තු 24 ) දිවයිනෙන් පිටත්ව ගියහ.

මෙම සංචාරය සදහා ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකු පිටත්ව ගිය අතර දෙරට අතර එක්දින තරග 3ක් සහ විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතය.

චමරි අතත්තු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවද්දී, කණ්ඩායමේ උප නායකත්වය ඕෂධි රණසිංහට හිමිව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය
( චමරි අතපත්තු ( නායිකා ), ඕෂධි රණසිංහ ( උප නායිකා ), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්දික කුමාරි, අනුෂ්කා සංජීවනි ( කඩුලු රකින්නිය ), උදේෂිකා ප්‍රබෝදනී,අචිනි කුලසූරිය, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, හංසීමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි )

ඡායාරූප – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments