Tuesday, October 27, 2026
spot_img
HomeInternationalCWC 2023 - ලෝක කුසලාන පුහුණු තරග කාල සටහන නිකුත් වෙයි

CWC 2023 – ලෝක කුසලාන පුහුණු තරග කාල සටහන නිකුත් වෙයි

ඉන්දියාවේද ඔක්තෝබර් 5 වැනිදා  ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාල සටහන ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශට පත්කර තිබේ.

ඒ අනුව සෑම කණ්ඩායමකම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර පුහුණු තරග දෙකකට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. ඉන්දියාවේ ක්‍රීඩාංගණ තුනකදී පුහුණු තරග පැවැත්වීමට නියමිත අතර ඒ අනුව ගුවහාටි, තිරුවානන්තපුරම් සහ හයිද්‍රබාද් හීදී මෙම තරග පැවැත්වේ.

සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමගින් පළමු පුහුණු තරගයට සහභාගී වීමට නියමිත අතර, දෙවැනි පුහුණු තරගය ඔක්තෝබර් 3 වැනිදා ඇෆ්ගනිස්තානයට ඒරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

පුහුණු තරග කාල සටහන

සැප්තැම්බර් 29 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ගුවහාටි හිදී

                          දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය තිරුවානන්තපුරම්හිදී

                          නවසීලන්තය සහ පාකිස්තානය හයිද්‍රාබාද්හීදී

සැප්තැම්බර් 30 – ඉන්දියාව සහ ඒංගලන්තය ගුවහාටිහිදී

                        ඔ්ස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය තිරුවානන්තපුරම්හිදී

ඔක්තෝබර් 2 –  ඒංගලන්තය සහ බංග්ලාදේශය ගුවහාටි

                        නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව තිරුවානන්තපුරම්හිදී

ඔක්තෝබර් 3 – ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව ගුවහාටි

                        ඉන්දියාව සහ නෙදර්ලන්තය තිරුවානන්තපුරම්හිදී

                        පාකිස්තානය සහ ඔ්ස්ට්‍රේලියාව හයිද්‍රාබාද්හීදී

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments