Tuesday, October 27, 2026
spot_img
HomeInternationalබී-ලව් කැන්ඩි LPL ශූරයන් වෙයි

බී-ලව් කැන්ඩි LPL ශූරයන් වෙයි

ඇන්ජලෝ මැතිව්ස්ගේ සටන්කාමී ඉනිම සහ කමිදු මෙන්ඩිස්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ඕරා කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් ලැබූ බී ලව් කැන්ඩි කණ්ඩායම සිව්වන අදියරේ ශූරතාවය දිනා ගැනීමට අද ( අගෝස්තු 20 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කය හඹාගිය බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 5ක් පමණක් දැවී සිය කඩයිම පසුකර ගියේය.

බී ලව් කැන්ඩි ජයග්‍රණයට සාර්ථක ආරම්භයක් ලබාදුන් කමිදු මෙන්ඩිස් සහ මොහොමඩ් හැරිස් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.

කමිදු මෙන්ඩිස් පන්දු 37කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 44 ක් රැස් කරද්දි, මොහොමඩ් හැරිස් පන්දු 22කදී ලකුණු26ක් රැස් කළේය. අවසන් පන්දුවාරය තෙක් ඇදී ගිය මෙම තරගයේදී, ඉවසලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් බී ලව් කැන්ඩි කණ්ඩායමට ජයග්‍රහණය අතකර දුන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21 කදී හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 25ක් රැස් කිරිමර සමත් විය.

පන්දු යැවීමේදි නූර් අහමඩ් ලකුණු 27කට කඩුලු 3ක් සහ බිනුර ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 2ක් බිද හෙලීය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ඕරා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.

දඹුල්ල ඕරා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 36ක් ලබා ගනිද්දි, කුසල් ජනිත් නොදැවී ලකුණු 31ක් රැස් කළේය.

පන්දු යැවීමේදි චතුරංග ද සිල්වා ලකුණු 25කට කඩුලු 2ක් බිද හෙලීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments