Tuesday, October 27, 2026
spot_img
HomeDomesticLPL සමාප්තියට සියල්ල සූදානම්

LPL සමාප්තියට සියල්ල සූදානම්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ඕරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩ් කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය අද ( අගෝස්තු 20 ) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතය.

අවසන් මහා තරගය ආරම්භ වීමට මත්තෙන් මෙවර තරගාවලියේ සමාප්ති උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ..ඒ අනුව ප.ව 6.00 සිට සමාප්ති උළෙල පැවැත්වීමට නියමිතය. මේ සඳහා මෙරට ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගි වීමට නියමිතය.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ප්‍රේක්ෂකයන්ට ප.ව 5.00 සිට ක්‍රීඩාංගණයට ඇතුල්වීමට අවසර ලබා දී ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments