ඉන්දියාවේද ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පුහුණු තරග කාල සටහන ජගත් ක්රිකට් කවුන්සිලය විසින් ප්රකාශට පත්කර තිබේ.
ඒ අනුව සෑම කණ්ඩායමකම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර පුහුණු තරග දෙකකට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. ඉන්දියාවේ ක්රීඩාංගණ තුනකදී පුහුණු තරග පැවැත්වීමට නියමිත අතර ඒ අනුව ගුවහාටි, තිරුවානන්තපුරම් සහ හයිද්රබාද් හීදී මෙම තරග පැවැත්වේ.
සැප්තැම්බර් 29 වැනිදා ශ්රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමගින් පළමු පුහුණු තරගයට සහභාගී වීමට නියමිත අතර, දෙවැනි පුහුණු තරගය ඔක්තෝබර් 3 වැනිදා ඇෆ්ගනිස්තානයට ඒරෙහිව ක්රීඩා කිරීමට නියමිතය.
පුහුණු තරග කාල සටහන
සැප්තැම්බර් 29 – ශ්රී ලංකාව සහ බංග්ලාදේශය ගුවහාටි හිදී
දකුණු අප්රිකාව සහ ඇෆ්ගනිස්තානය තිරුවානන්තපුරම්හිදී
නවසීලන්තය සහ පාකිස්තානය හයිද්රාබාද්හීදී
සැප්තැම්බර් 30 – ඉන්දියාව සහ ඒංගලන්තය ගුවහාටිහිදී
ඔ්ස්ට්රේලියාව සහ නෙදර්ලන්තය තිරුවානන්තපුරම්හිදී
ඔක්තෝබර් 2 – ඒංගලන්තය සහ බංග්ලාදේශය ගුවහාටි
නවසීලන්තය සහ දකුණු අප්රිකාව තිරුවානන්තපුරම්හිදී
ඔක්තෝබර් 3 – ඇෆ්ගනිස්තානය සහ ශ්රී ලංකාව ගුවහාටි
ඉන්දියාව සහ නෙදර්ලන්තය තිරුවානන්තපුරම්හිදී
පාකිස්තානය සහ ඔ්ස්ට්රේලියාව හයිද්රාබාද්හීදී



