ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලකුණු 34 ජයක් ලැබීමට බී ලව් කැන්ඩි කණ්ඩායම අද ( අගෝස්තු 19 ) සමත්
ඒ අනුව දඹුල්ල ඕරා කණ්ඩායම සමගින් බී ලව් කැන්ඩි කණ්ඩායම අවසන් මහා තරගයේදී තරග වැදිමට නියමිතය.
ජයග්රහණය සඳහා ලකුණු 158ක ඉලක්කය හඹාගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි.
ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ ලකුණු 28ක් සහ ලිටන් දාස් ලකුණු 25 බැගින් රැස් කිරිමට සමත් වූහ.
පන්දු යැවීමේදී මොහොමඩ් හස්නෙයින්, වනිදු හසරංග සහ චතුරංග ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
කාසියේ වාසිය ජයග්රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බි ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 157ක් රැස් …
[11:45 AM, 8/19/2023] SG: ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලකුණු 34 ජයක් ලැබීමට කැන්ඩි බී ලව් කණ්ඩායම අද ( අගෝස්තු 19 ) සමත් විය.
ඒ අනුව දඹුල්ල ඕරා කණ්ඩායම සමගින් බී ලව් කැන්ඩි කණ්ඩායම අවසන් මහා තරගයේදී තරග වැදිමට නියමිතය.
ජයග්රහණය සඳහා ලකුණු 158ක ඉලක්කය හඹාගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි.
ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ ලකුණු 28ක් සහ ලිටන් දාස් ලකුණු 25 බැගින් රැස් කිරිමට සමත් වූහ.
පන්දු යැවීමේදී මොහොමඩ් හස්නෙයින්, වනිදු හසරංග සහ චතුරංග ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
කාසියේ වාසිය ජයග්රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බි ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 157ක් රැස් කිරීමට සමත් විය.
නායක වනිදු හසරංග ( ලකුණු 48 ) සහ දිනේෂ් චන්දිමාල් ( ලකුණු 38 ) ලබා ගනිමින් කැන්ඩි කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබූහ.
පන්දු යැවීමේදී ළහිරු කුමාර සහ සොනාල් දිනූෂ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
ඒ අනුව දඹුල්ල ඕරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට ( 20 ) කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.



