ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටය අරඹමින් පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 7ක ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද ( 6 වැනිදා ) සමත් විය. මෙම තරගය පාකිස්තානයේ ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්විණ.
ජයග්රහණය සඳහා ලකුණු 194ක ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 39.3කදී කඩුලු 3ක් පමණක් දැවි සිය කඩයිම පසුකර ගියහ.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඉමාම් උල් හක් ( ලකුණු 78 ) සහ මොහොමඩ් රිස්වාන් ( නොදැවී 63 ) ලබා ගනිමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්රහණය ඉක්මන් කළහ.
පන්දු යැවීමේදී ටස්කින් අහමඩ්, ශොරිෆුල් ඉස්ලාම් සහ මෙහෙදි හසන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.
කාසියේ වාසිය ජයග්රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 38.4කදි සියලුදෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 193ක් පමණි.
බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 64 ක් සහ නායක ශකිබ් අල් හසන් ලකුණු 53 බැගින් රැස් කිරීමට සමත් වුවද, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවවත් පසුකර යාමට අවස්ථාවක් හිමි නොවූහ.
විශීස්ට පන්දු යැවීමක නිරත වූ හරිස් රයුෆ් ලකුණු 19කට කඩුලු 4ක් සහ නසීම් ශා ලකුණු 34කට කඩුලු 3බැගින් බිද හෙලූහ.






