ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම අද ( 24 ) සමත් විය. ඒ් අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තානයට හැකිවිය.
ජයග්රහණය සඳහා ලකුණු 301ක ඉලක්කය හඹාගිය පාකිස්තා කණ්ඩායම පන්දුවාර 49.5කදී කඩුලු 9ක් දැවී සිය කඩයිම පසුකර ගියේය. තීරණාත්මක අවසන් පන්දුවාරයේදී ෆරෑක්ට හතරේ පහර දෙකකින් සංග්රහ කළ නසීම් ශා පාකිස්තානයට ජයග්රණය අත්කර දුන්නේය.
පාකිස්තානය වෙනුවෙන් ඉමාම් උල්හක් ( ලකුණු 91 ), නායක බාබර් අසාම් ( ලකුණු 53 ) සහ ශඩාබ් ඛාන් ( ලකුණු 48 ) බැගින් රැස් කරමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්රහණයට පාර කපා දුන්හ.
පන්දු යැවීමේදී ෆසල්හක් ෆරෑකි ලකුණු 69කට කඩුලු 3ක් සහ මොහොමඩ් නබී ලකුණු 46කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.
කාසියේ වාසිය ජයග්රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 300ක් ලබා ගැනීමට සමත් විය.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්රීඩාකළ රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 151කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් සමගින් ලකුණු 151ක් ලබා ගැනීමට සමත් වූයේ තම එක්දින ක්රිකට් පිටියේ තමන් ලබාගත් හොඳම ඉනිම ක්රීඩා කරමිනි. ඔහුට අනෙත් අන්තයේ සිට විශාල සහයක් දැක්වූ ඉබ්රහිම් සද්රම් පන්දු 101කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 80ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ශයීන් අෆ්රීඩි ලකුණු 58කට කඩුලු 2ක් බිද හෙලද්දී, නසීම් ශා සහ උසාමා මිර් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.
දෙරට අතර අවසන් සහ තෙවැනි එක්දින තරගය මේ මස 26 වැනිදා මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.



