ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු වටයේ පැවැති අවසන් තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 2ක තියුණු ජයක් ලැබූ ශ්රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් සිව්දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට අද ( 5 වැනිදා ) සමත් විය. මෙම තරගය පාකිස්තානයේ ගඩාෆි ක්රීඩාංගණයේදී පැවැත්විණ.
ඇෆ්ගනිස්තානයට අවසන් සිව්දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීමට නම්, තරගය ජයග්රහණය කිරීම පමණක් ප්රමාණවත් නොවූ අතර එම ලබා ගන්නා ජයග්රහණය පන්දුවාර 37.1 කදී හඹාගොස් සම්පූර්ණ කිරීමටද සිදුවිය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 291ක් රැස්කරමින් ලකුණු 292ක ඉලක්කයක් ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ගේ කරමත පැටවීමට කටයුතු කළහ.
කෙසේ නමුත් ඇෆ්ගනිස්තාන පිතිකරුවන් එය ආරම්භයේ සිට හඹාගොස් ශ්රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කරන්නට කටයුතු කළේ විටෙක ශ්රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියෙන් එළියට විසිවන දෙවැනි කණ්ඩායම බව ඉගි පළකරමිනි. කෙසේ නමුත් එකී ග්රහණයෙන් ශ්රී ලංකාව ගලවාගත් මහේෂ් තීක්ෂණ පන්දු 32කින් ලකුණු 65ක් ලබා සිටි මොහොමඩ් නබී පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළේ ධනංජයද සිල්වා රැකගත් විශිෂ්ට උඩපන්දුව සමගිනි. ඒ වනවනවිටත් මොහාමඩ් නබී පිටිය සිසාර ශ්රී ලංකා පන්දු යවන්නන්නට පහර පිට පහර එල්ල කරමින් සිටියේය. ඔහු දැවී යනවිට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් සිය ඉනිමට එකතු කරගෙන තිබුණි. ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි කරීම් ජනට් හයේ පහර 2ක් එල්ල කරමින් තරගයේ ග්රහණය තමන්ගේ යටතට ගැනීමට උත්සාහ කළේය. ඒ වනවිටත් ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ශහීදි ද පිටියේ ස්ථාවර පිතිකරුවෙකු ලෙස විශ්වාසවන්තව පන්දුවට පහර දෙමින් සිටියේය. නමුත් ශ්රනිකයෙන් ක්රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ 32 වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කරීම් ජනට් දවා ගැනීමට කටයුතු කළේය. එම දැවී යාමත් සමග ඇෆ්ගනිස්තානයේ 6වැනි කඩුල්ලද බිද වැටුණි. එම පන්දුවාරයේදී ම නැවතත් ක්රියාත්මක වූ වෙල්ලාලගේ ඇෆග්නිස්තාන නායකය පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළේ ලකුණු 59ක් ලබා සිටියදීය. ඔහු පිටියෙන් ඉවත් වනවිට පන්දු 66කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් එල්ල කර තිබුණි.
නැවතත් තරගය ඇෆ්ගනිස්තානය වෙතට හරවාගත් නජිමුල්ලා සද්රන් සහ රශිඩ් ඛාන් කසුන් රාජිත යැවූ පන්දුවාරයට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් පන්දු සහ ලකුණු අතර පරතරය අඩු කිරීමට කටයුතු කළේය. නමුත් එම පන්දුවාරයේදීම කසුන් රාජිතගේ පන්දුවකට යළිත් හයේ පහරක් එල්ල කිරීමට නජිමුල්ලා සද්රන් උත්සාහ කළද, එය උඩ පන්දුවක් බවට පරිවර්තනය වීම නිසා ඩීප් බැක්වර්ඩ් ස්කෙයාර් ලෙග් කළාපයේ රැදී සිටි දුශාන් හේමන්ත දක්ෂ ලෙස රැක ගැනීමට කටයුතු කළේ ඇෆ්ගනිස්තාන ඉනිමේ 8 වැනි කඩුල්ලද බිද දමමිනි.

යළිත් 37 වැනි පන්දුවාරය යැවීමට දුනිත් වෙල්ලාලගේ කැදවීමට දසුන් ශානකට සිදු වූයේ ඒ වනවිට ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන වේග පන්දු යවනන්නන් දෙදෙනාගේම පන්දුවාර 10 අවසන් වී තිබූ මොහොතකය. තවමත් 20වන වියේ පසුවන වෙල්ලාලගේ දැඩි පීඩනය මතින් මුල් පන්දු දෙකම නිලකුණු පන්දු දෙකක් බවට පරිවර්තනය කළද, සෙසු පන්දු 4න් 3කටම රශිඩ් ඛාන් හතරේ පහර 3ක් එල්ල කරමින් තරගයේ ග්රහණය යළිත් ඇෆ්ගනිස්තානය වෙත හරවා ගත්තේය. ඒ අනුව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්තානයට ඒ වනවිට තවත් අවශ්යය වූයේ එක් පන්දුවකින් ලකුණු 3ක් පමණි.
තීරණාත්මක පන්දුවාරය යැවීමට ධනංජයද සිල්වා කැදවීමට දසුන් ශානක තීරණය කළ අතර ඒ අනුව ඔහු යැවූ පළමු පන්දුවෙන්ම මුජීබ් රහ්මාන් දවා ගනිමින් ශ්රී ලංකාවට අවසන් සිව්දෙනාගේ තරග වටයට යාමට පාර කපා දුන්නේය. එහෙත් තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්තානය අවසන් මොහොත දක්වා අවස්ථාව පැවැතියද, ෆසල්හක් ෆරෑකිගේ කඩුල්ලද දවාගත් ධනංජය ද සිල්වා ශ්රී ලංකා කණ්ඩායමට අවසන් මොහොතේ ලකුණු 2ක තියුණු ජයක් ද හිමිකර දුන්නේය. ඒ් වනවිටත් අනෙත් අන්තයේ රැදී සිටි රශිඩ් ඛාන් පන්දු 16කදී නොදැවී ලකුණු 27ක් ලබා සිටියේ හයේ පහරක් සහ හතරේ පහර 4ක් ලබා ගනිමිනි.
කාසියේ වාසිය ජයග්රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩාය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 291ක් රැස්කළ අතර ශ්රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 84කදී ලකුණු 92කට දැවී ගියේ සිය එක්දින ක්රිකට් පිටියේ තෙවැනි ශතකය පෙපෙන මානයේ තිබියදීය. ඔහු පිටියෙන් ඉවත්වන විට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සිය ඉනිමට එක්කරගෙන තිබුණි. ශ්රී ලංකා ඉනිමේ සෙසු පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක ( ලකුණු 41 ), චරිත් අසලංක ( ලකුණු 36 ), දුනිත් වෙල්ලාලගේ ( නොදැවී ලකුණු 33 ) , සහ දිමුත් කරුණාරත්න ලකුණු 32 බැගින් ලබා ගත්හ.
පන්දු යැවීමේදී ගුල්බදීන් නයිබ් ලකුණු 60කට කඩුලු 4ක් සහ රශීඩ් ඛාන් ලකුණු 63කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.
ඡායාරූප – ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවියෙනි







