රවීශාන් නේත්සර ( ලකුණු 65 ), සුපුන් වඩුගේ ( ලකුණු 56 ) සහ දිනුර කලුපහන ( නොදැවී ලකුණු 52 ) විශිෂ්ට පිතිහරණය සහ ගරුක සන්කෙත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරරෙහිව පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද ( 27 ) සමත් විය. තරගය දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්විණ.
ඒ් අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ ගැනීමට ශ්රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි විය.
ජයග්රහණය සඳහා ලකුණු 224ක ඉලක්කය හඹාගිය ශ්රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 43.1කදී කඩුලු 4ක් පමණක් දැවී සිය කඩයිම පසුකර ගියහ.
රවිශාන් නෙත්සර පන්දු 85කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 65ක් ලබා ගනිද්දී, සුපුන් වඩුගේ පන්දු 78දී හතරේ පහර 8ක් සමගින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් විය. කඩුල්ලේ රැදී සිටිමින් ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය වෙත රැගෙන ගිය දිනුර කලුපහන පන්දු 42කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 52ක් ලබා ගැනිමට සමත් විය.
පන්දු යැවීමේදී නේතන් එඩ්වඩ් ලකුණු 43කට කඩුලු 3ක් සහ රියෝන් එඩ්වඩ්ස් ලකුණු 49කට කඩුල්ල බැගින් බිද හෙලූහ.
කාසියේ වාසිය ජයග්රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට පන්දුවාර 49.1කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 223ක් පමණි.
කොදෙව් යොමුන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නේතන් සීලි ලකුණු 75ක් ලබා ගැනීමට සමත් විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගරුක සන්කෙත් නියමිත පන්දුවාර 10 අවසානයේ ලකුණු 48කට කඩුලු 5ක් සහ දිනුර කලුපහන ලකුණු 45කට කඩුලු 3 බැගින් බිද හෙලූහ.
කොදෙව් යොවුන් කණ්ඩායම – පන්දුවාර 49.1කදී සියලු දෙනාදැවී ලකුණු 223
( නේතන් සිලි 75, ඒඩ්රියන් වෙයර් 32, ස්ටෙෆාන් පැස්කල් 29, ටරික් ඒඩ්වර්ඩ් 27, ගරුක සංකෙත් 48/5, දිනුර කලුපහන 45/3 )
ශ්රී ලංකා යොවුන් කණ්ඩායම – පන්දුවාර 43.1කදී කඩුලු 4කට ලකුණු 224
( රවීශාන් නෙත්සර 65, සුපුන් වඩුගේ 56, දිනුර කලුපහන නොදැවී 52, ශරුජන් ශන්මුගනාතන් නොදැවී 20, නේතන් එඩ්වඩ් 43/3, රියෝන් එඩ්වඩ්ස් 1/49 )
ඡායාරූප – ශ්රී ලංකා ක්රිකට් ආයතනය



