ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සිව්වන අදියරේ ශූරතාවය දිනා ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම පසුගියදා සමත් විය. ඒ දඹුල්ල ඕරා කණ්ඩායම ලකුණු 34කින් පරාජය කරමිනි.
ඒ අනුව සමස්ත තරගාවලියේ ක්රීඩකයන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ක්රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් සමස්තා තරගාවලියේ හොඳම ක්රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබේ.
එම කණ්ඩායම මෙවර ශූරයන් වූ බී ලව් කැන්ඩි කණ්ඩායමෙන් ක්රීඩකයන් තිදෙනෙකුත්, අනුශූරයන් වූ දඹුල්ල ඕරා කණ්ඩායමෙන් ක්රිඩකයක් සිව්දෙනෙක් මෙන්ම කළම්බෝ ස්ට්රයිකස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායමෙන් ක්රීඩකයන් දෙදෙනෙකු බැගින් ඇතුලත්ව ඇත..නමුත් පිට පිට තෙවරක් එල්.පී.එල් ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් කිසිම ක්රීඩකයෙකු මෙවර හොඳම ක්රීඩකයන් 11 දෙනා අතරට ඇතුලත්ව නොතිබිම විශේෂත්වයකි.
එම කණ්ඩායම පහතින්
1 – බාබර් අසාම් ( කළම්බෝ ස්ට්රයිකර්ස් ) – ලකුණු 261
2 – අවිශ්ක ප්රනාන්දු ( දඹුල්ල ඕරා ) – ලකුණු 244
3 – දිනේෂ් චන්දිමාල් ( බී-ලව් කැන්ඩි ) – ලකුණු 259
4 – සදීර සමරවික්රම ( දඹුල්ල ඕරා ) – ලකුණු 234
5 – ලසිත් කෘස්පුල්ලේ ( ගෝල් ටයිටන්ස් ) – ලකුණු 232
6 – ධනංජය ද සිල්වා ( දඹුල්ල ඕරා ) – ලකුණු 192 , කඩුලු 10
7 – වනිදු හසරංග ( බී – ලව් කැන්ඩි ) – ලකුණු 279 , කඩුලු 19
8 – නූර් අහමඩ් ( දඹුල්ල ඕරා ) – කඩුලු 12
9 – මතීෂ පතිරණ ( කළම්බෝ ස්ට්රයිකර්ස් ) – කඩුලු 12
10 – ළහිරු කුමාර ( ගෝල් ටයිටන්ස් ) – කඩුලු 8
11 – නුවන් ප්රදීප් ( බි – ලව් කැන්ඩි ) – කඩුලු 14



