ලබන මස ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 එක්දින ලෝක කුසලානය තමන් ක්රීඩාකරන අවසන් ලෝක කුසලානය බවත් එම තරගාවලිය ශ්රී ලංකාව නියෝජනය කිරීමට තමන්ට අවස්ථාවක් ලැබෙන්නේ නම් තමන්ගේ සියලුම අත්දැකීම් උපයෝගී කරගනිමින් කණ්ඩායමට උපරිමය කිරීමට හැකි බව ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිවුස් පවසයි.
මේ වනවිට ක්රීඩා කරන ක්රීඩකයන් අතරින් ජ්යෙෂ්ටතම ක්රීඩකයා වනුයේද ඇන්ජලෝ මැතිවුස්ය. ඔහු 2011, 2015 සහ 2019 එක්දින ලෝක කුසලාන සංචිතයන්හී ක්රියාකිරීම ක්රීඩකයෙකු ලෙස කටයුතු කළද, වර්තමානයේ ශ්රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
පසුගියදා නිමාවට පත් වූ ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේදී, බී-ලව් කැන්ඩි කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිවුස් එහිදී තුන් ඉරියව් ක්රීඩකයෙකු ලෙස කටයුතු කළේ නැවතත් සිය පන්දු යැවීමේ කාර්යෙන් ද කණ්ඩාමට දායකත්වය ලබා දෙමිනි.
ලෝක කුසලානයට සහභාගී වන ශ්රී ලංකා සංචිතය තවමත් නිල වශයෙන් ප්රකාශයට පත්කර නොමැත.



