සංචාරක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලියට සහ තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියට අදාල ශ්රී ලංකා සංචිතය අද ( අගෝස්තු 22 ) නිල වශයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළේය.
සුපුරුදු පරිදි ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වට චමිරි අතපත්තුට හිමිවෙද්දි, කණ්ඩායමේ උප නායකත්වය ඕෂධි රණසිංහට හිමිව තිබේ.
ක්රීඩිකාවන් 16 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය හෙට ( අගෝස්තු 23 ) ශ්රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.
ශ්රී ලංකා සංචිතය
( චමරි අතපත්තු ( නායිකා ), ඕෂධි රණසිංහ ( උප නායිකා ), හර්ෂිතා සමරවික්රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්දික කුමාරි, අනුෂ්කා සංජීවනි ( කඩුලු රකින්නිය ), උදේෂිකා ප්රබෝදනී,අචිනි කුලසූරිය, කාව්යා කාවින්දි, ඉනෝෂි ප්රනාන්දු, හංසීමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි )



